‘ඇතුලු වීමට 1500යි..’ සුපිරි ගණිකා නිවාසයක් වටලා සුරූපි කතුන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

‘ඇතුලු වීමට 1500යි..’ සුපිරි ගණිකා නිවාසයක් වටලා සුරූපි කතුන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් හැටි

තලවතුගොඩ ප්‍රදේශයේ සුපිරි නිවසක් කුලී පදනම මත ගෙන සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් තලංගම පොලීසිය විසින් වටලා තිබේ. මෙම වැටලීමේදී සුරූපී කතුන් තිදෙනෙක් සහ එහි කළමනාකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කතුන් තිදෙනා නුවර,ගලේවෙල,පාදුක්ක යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21 ත් 39 අතර පසුවන්නියන් වන අතර 39 හැවිරිදි කාන්තාවට වයස අවුරුදු 4ක දරුවෙකු සිටින බවත් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි කාන්තාවට මාස 4ක දරුවෙකු සිටින බවත් පොලිසිය පවසනවා.අනෙක් 29 හැවිරිදි කාන්තාව අවිවාහක බවද මෙහිදී හෙළිවී තිබේ.

මෙම සුපිරි සම්භාහන මධ්‍යස්ථානයට ඇතුළු වීමට රුපියල් 1500ක මුදලක් ලබාගන්නා අත‍ර සම්භාහනයෙන් අනතුරුව අනෙකුත් ලිංගික සේවාවන් ලබාගැනීම සඳහා 6000 ක මුදලක් අයකරගන්නා බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සිව් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් තලංගම පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad