සාමාන්‍යයෙන් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෙම්බඳින ශ්‍රී ලාංකිකයන් සොයා ගැනීම අපහසු වූවත් ඇයට පෙම්බඳින්නන් සොයා ගැනීම නම් එතරම් අපහසු නොවේ. ස්ම්රිතිගේ රූසපුව සහ ක්‍රිකට් දක්ෂතා අතර ඇත්තේ කිට්ටු සම්බන්ධයකි. එසේ කීමට හේතුව ඒ දෙකම ඉහළ මට්ටමේ පැවතීමයි. පසුගියදා අවසන් වූ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය තුළදී එංගලන්තයට එරෙහිව පන්දු 72කදී ලකුණු 90ක් රැස්කළ ස්ම්රිතිට ශ්‍රී ලාංකිකයන්ගේ ආදරය හිමිවීමට හේතු වූ තවත් කරුණක් ඇත.
ඒ ඇගේ ප්‍රියතම පිතිකරු ශ්‍රී ලාංකිකයෙකු වීමයි. ඇගේ සිත්ගත් පිතිකරු ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරයි. ඈ විසින් මවන ලද නවතම පුවත එය නොවේ. අධ්‍යාපනය ගැන මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කරන ලද අවස්ථාවේ ඇය විසින් සිනාසෙමින් ලබා දුන් පිළිතුරයි. “අන්තිම අවුරුදු තුනේදීම මම විද්‍යාලයේ පළමු වසරේ තමයි හිටියේ. අසමත් වෙලා නෙමෙයි, මම විභාගයට සහභාගී නොවුණු නිසා.” 21 හැවිරිදි ස්ම්රිතිට ඉන් සිදු වූ පාඩුවක් නම් පෙනෙන්නට නැත.
ලෝක කුසලාන තරගාවලිය දක්වා ඉන්දියානු කාන්තා කණ්ඩායමේ ස්ථානය ලබා ගැනීමට විභාගවලට වඩා ඇයට උපකාර වී ඇත්තේ පුහුණුව සහ තරග අත්දැකීම් ය. ඇයට මේ වන විට ආබාධ තත්වයක් උද්ගතව ඇතත් ඇය තවදුරටත් පවසන්නේ එය සුව වීමෙන් පසුව 100%ක ශරීර සුවතාවයට පත්වීම තමන්ගේ බලාපොරොත්තුව බවයි. “100%ක ශරීර සුවතාවයට ඇවිත් පළමු තරග දෙක හොඳින් ක්‍රීඩා කරලා ඉදිරියටත් එය පවත්වාගෙන ගිහින් වඩා හොඳ ක්‍රීඩිකාවක් වීම තමයි මගේ බලාපොරොත්තුව.”
-Thepapare.com
Friday, July 28, 2017
අධ්‍යාපනය ගැන මාධ්‍යවේදියකු ඇසු පැනයට ‘සංගා’ වගේ වෙන්න හදන ස්ම්රිති දුන් පිළිතුර
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment