එළැඹෙන දෙසැම්බර් 31 වැනි දින තෙක් ඉවසා සිටින්නයැ’යි ජනාධිපතිවරයා ශ්‍රීලනිප ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් පසුගියදා කළ ඉල්ලීම ඉවත දමමින් සැප්තැම්බර් මාසයේදී ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත්වීමේ සැලසුමක් මේ වනවිට ක්‍රියාත්මකවෙමින් ඇතැයි වාර්තා වෙයි.
එළැඹෙන 2020 මැතිවරණයෙන් ශ්‍රීලනිපය ජයග්‍රහණය කිරීමට නම් ආණ්ඩුවෙන් ඉවත් වීම දැඩි අවශ්‍යතාවක් බව එම මන්ත්‍රී කණ්ඩායමේ අදහස බවද ඔවුන් සමගි සන්ධාන ආණ්ඩුවේ ගිවිසුම් කාලය ඉකුත්ව යන සැප්තැම්බර් 21 වැනිදායින් පසුව ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බවද දැනගන්නට ඇත. මේ වනවිට එම කණ්ඩායමේ සාකච්ඡා වට විශාල ප්‍රමාණයක් පැවැත්වී ඇති බවද ඒ අනුව ඔවුන් ජනාධිපතිවරයාගේ ඉල්ලීමෙන් පසුවද පසුගිය 18 ස්කෙල්ටන් පාරේ පිහිටි අනුර ප්‍රියදර්ශන අමාත්‍යවරයාගේ නිවසේ හමුවී සාකච්ඡා පවත්වා ඇති බවද වාර්තා වේ.
මේ පිළිබඳව ආණ්ඩුවේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුවෙන් ඉවත්වීමේ සාකච්ඡා සාර්ථක බවය. ඒ අනුව ඔහු ප්‍රකාශ කරන්නේ අවම වශයෙන් මන්ත්‍රීවරුන් 25ක් පමණ හෝ ආණ්ඩුවෙන් ඉවත්ව යනු ඇති බවයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාතික ලැයිස්තුවෙන් පත්වූ අය සහ මෑතකදී පක්ෂයේ ඉහළ තනතුරුවලට පැනගත් පුද්ගලයන් හැර අනෙකුත් මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීමේ අදහසේ දැඩිව සිටින බවය.
මේ පිළිබඳව මෛත්‍රී හිතවාදී පිලේ නියෝජ්‍ය ඇමතිවරියකගෙන් කළ විමසීමකදී කියා සිටියේ තමන් ජනාධිපතිවරයාගේ තීරණයට හිස නමමින් දෙසැම්බර් 31 වැනිදා තෙක් ආණ්ඩුවේ රැඳෙන බවත්, එහෙත් ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා විවිධ පිරිස් සාකච්ඡා පවත්වමින් සිටින බව හා එම සාකච්ඡාවලට තමාටද ඇරයුම් ලැබෙන බවත්ය.
-ravaya.lk
Friday, July 28, 2017
ජනපති මෛත‍්‍රීගේ ඉල්ලීම් නොතකා ශ‍්‍රීලනිප කණ්ඩායමක් ආණ්ඩුවෙන් යයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment