බණ්ඩාරවෙල ඇල්ල දික්අරාව ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගිලාබැසීමේ අවදානමක් හේතුවෙන් පවුල් 100ක් පමණ මේ වන විට ඉවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇතැයි වාර්තා වේ. එම පවුල් සඳහා ඉවත් වීමට අද සවස බස් රථ යවා තිබුන ද ජනතාව එම බස් රථ හරවා යැවීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ. ඉවත් වන පවුල් බණ්ඩාරවෙල බිඳුණු වැව යොවුන් සේනාංක පරිශය වෙත යැවීමට නියමිතව තිබේ.
කෙසේ වුවත් මෙම තත්ත්වය මතුව ඇත්තේ බණ්ඩාරවෙල නගරයට ඊයේ (27දා) ඇතිවූ ධාරාණිපාත වර්ෂාවත් සමඟයි. මේ වන විට උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතුවලදී ඇතිවූ භූමි පැල්මකින් හදිසියේ ජල බුබුළක් මතුවී ගලායාම සමග මෙම අවදානම මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Friday, July 28, 2017
බණ්ඩාරවෙල නගරය අවසන් ගමන් යාම අරඹයි! (PHOTOS/VIDEO)
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment