හිරු පච වේ! DJ අරා – පැස්බරා නම් ඉල්ලා අධිකරණය ඉදිරියේ වැඳ වැටෙයි! (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

හිරු පච වේ! DJ අරා – පැස්බරා නම් ඉල්ලා අධිකරණය ඉදිරියේ වැඳ වැටෙයි! (Exclusive)

පසුගිය කාලය පුරාම හිරු FM නාළිකාවෙන් බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ”අරා, පැස්බරා” නිවේදක යුවල මේ වන විට සියත FM නාලිකාව සමඟින් එක්ව තිබෙන බව කවුරුත් දන්නා කරුණක්. හිරු FM Breakfast Drive වැඩසටහන ආරම්භයේ සිටම DJ අරා සහ පැස්බරා එහි නිවේදක නිවේදිකාවෙන් ලෙසින් කටයුතු කළද ඔවුන්ගේ එම නිවේදක නාමයන් වලට හිරු FM නාළිකාව අයිතිවාසිකම් කියමින් මේ වනවිට නඩු පවරා ඇති බවට වාර්තා වෙනවා.

ඒ අනුව සියත නාළිකාවේ වැඩසටහන මෙහෙයවන අවස්ථාවේදී ඔවුනොවුන් පෙර සිටම ආමන්ත්‍රණය කරගත් DJ අරා සහ පැස්බරා නාමයන් මේ වන විට සජීවී වැඩසටහනේ භාවිතා කිරීම ඔවුන් තාවකාලිකව නවතා තිබෙනවා. ඒ උසාවියේ වාරණ නියෝගයක් අනුවයි. එමෙන්ම හිරු නාළිකාවේ වසර 15කට අධික කාලයක් සේවය කළ මොවුන් දෙදෙනාගෙන් වන්දි ඉල්ලමින්ද නඩුවක් ගොනු කිරීමට හිරු FM නාළිකාව ප්‍රමුඛ ආසියානු මාධ්‍යජාලයේ ඉහළ කළමණාකාරීත්වය කටයුතු කර ඇතිබවයි දැනගන්නට ලැබෙන්නේ.

මේ පිළිබඳව පසුගියදා පුවත්පතට අදහස් දැක්වූ DJ අරා මුල්වරට අනාවරණය කර තිබුණු අතර එහිදී ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ තමන් හිරු නාළිකාවෙන් ඉවත්වීමට ගත් තීරණයට බලපෑ ඇතැම් කාරණා සදාචාරත්මක හේතු මත අදටත් කිසිවෙකුට හෙළිකර නොමැති බවයි. කෙසේ නමුත් DJ අරා සහ DJ පැස්බරා යන නිවේදක නාමයන් පිළිබඳව මේ වන විට උසාවියේ නඩුවක් පැවතීම හේතුවෙන් තාවකාලික එම නාමයන් සියත නාලිකාවේ සජීවී වැඩසටහනට යොදා නොගත්තද ඔවුන් හා වසර ගණනක සිට එක්ව සිටි ප්‍රේක්ෂකයින් අදටත් ඔවුන්ට ආදරය කරන බව අරා පුවත්පතට වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබෙනවා.


harigossip.com

No comments:

Post a Comment

Post Bottom Ad