වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ උදෑසන ඔසවා තිබූ ජාතික ධජය ඊයේ (25) උදෑසන මෝටර් රථයෙන් පැමිණි කිසියම් පුද්ගලයෙකු විසින් බිම හෙලා පලා ගොස් ඇති බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.
ඊයේ පෙරවරු 10.45 ත් 11.00 අතර කාලයේදී කළු පැහැති මෝටර් රථයකින් පැමිණි තනි පුද්ගලයෙකු මෙලෙස ජාතික කොඩිය ගලවා බිම දමා යන අවස්ථාවේ පොලිස් නිලධාරින් මොටර් රථය නැවත්වීමට උත්සාහ දරා ඇතත් එම පොලිස් නිලධාරියාගේ ඇගට මෝටර් රථය කපා පලා ගොස් ඇති බවට දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ සිටි පොලිස් නිලධාරීන් පවසා ඇත.
මේ පිළිබඳ වවුනියාව දිසාපති එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා විසින් වවුනියාව පොලිසියට දැනුම් දී ඇති අතර වව්නියාව පොලිසිය විසින් අදාල ස්ථානය පරික්ෂා කර එම පුද්ගලයා සෙවීම සඳහා පරික්ෂණ කටයුතු ආරම්භ කර තිබේ. මෙසේ බිම දමන ලද ජාතික ධජය නැවත එසවීමටද වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාල නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:
Post a Comment