තමා මියගිය බවට පැතිරුණ කතාව ගැන රංගන හේරත් කථා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

තමා මියගිය බවට පැතිරුණ කතාව ගැන රංගන හේරත් කථා කරයි


2013 වසරේදී ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ඔස්ට්‍රේලියාවේ සිදුවූ රිය අනතුරකින් මිය ගිය බවට සමාජ මාධ්‍ය හරහා වාර්තාවූ පුවත ගැන වසර 4 කට පසු ඔහු සිය අත්දැකීම ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ පවසා තිබේ. “ඒ හිමිදිරි පාන්දර, මම හිතන්නේ පෙ.ව. 3.30ට පමණ ඇති. මගේ දුරකතන නාද වෙන්න පටන් ගත්තා.

බොහෝ මිත්‍රයින් ලංකාවේ සිට කතා කළා. මට හිතුණා මොකක් හෝ දෙයක් වෙන බව. මම එක් දුරකතන ඇමතුමකට පිළිතුරු දුන් විට සිදුව ඇති දේ තේරුම් ගත්තා. රාත්‍රිය පුරාම දුරකතනය නාද වෙන්න පටන්ගත්තා. මට දුරකතනය ක්‍රියා විරහිත කරන්න අවශ්‍ය වුනේ නෑ. එතකොට ඔවුන් හිතනවා සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය කතාව ඇත්තක් බව. ඒ වන විට මට ලැබෙන හැම දුරකතන ඇමතුමකටම මම පිළිතුරු ලබාදෙමින් හිටියේ. මට කතා කරපු හැම දෙනෙකුටම මම කීවේ මට කිසිම ගැටලුවක් නෑ.මම තාමත් පණපිටින් ඉන්නවා. මම තරගය ක්‍රීඩා කිරීමට සූදානම් බවයි.‘

(රුවන් කාශ්‍යප courtesy- ada.lk )

No comments:

Post a Comment

Post Bottom Ad