මහජනතාවට සිදුවන අපහසුතා තේරුම් ගෙන සේවයට වාර්තා කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වර්ජනයේ නිරත ඛනිජ තෙල් සේවකයින්ගෙන් ඉල්ලීමක් කරයි. ඛනිජ තෙල් බෙදාහැරීම ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම සේවාව හා සම්බන්ධ සියලු ම සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස රජය දැනුම් දෙයි.
අත්‍යාවශ්‍ය සේවාවක් ප්‍රකාශයට පත්කළ විට සේවයට වාර්තා නොකරන්නේ නම් එවැනි අයකු රැකියාව හැරගියා සේ සලකණු ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊට අමතරව ඛනිජ තෙල් බෙදා හැරීමේ ක්‍රියාවලිය රජය විසින් යථා තත්ත්වයට පත්කර ඇති නිසා එම කටයුතුවල නිරතවන අදාළ බවුසර්වලට ඉන්ධන ගබඩා වෙත පැමිණෙන ලෙස ද රජය දැනුම්දෙයි.
ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් පසුව ඉන්ධන බෙදා හැරීම සඳහා එක් නොවන පෞද්ගලික බවුසර්වල බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. කොළොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණවල බෙදා හැරීමේ කටයුතු මේ වනවිට යථා තත්වයට පත් කර ඇති බැවින් බවුසර්වලට එම ස්ථානයට යන ලෙසද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

No comments:
Post a Comment