මංගල තරගයේදීම විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ටොබී රෝලන්ඞ්-ජෝන්ස් දකුණු අප්‍රිකානු කොදුනාරටික කඩා දමමින් මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනාම නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් විය. ටෙම්බා බවුමා ලකුණු 34 ක් සහ මෝර්න් මෝකල් ලකුණු 2 ක් රැස්කර ගනිමින් කඩුල්ලේ රැඳී සිටිති. ලකුණු 61 කට කඩුලු 7 ක් දැවී තිබියදී එක්වූ ටෙම්බා බවුමා සහ කගිසෝ රබාඩා අටවැනි කඩුල්ල සදහා ලකුණු 53 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩාවැටුණු දකුණු අප්‍රිකා ඉනිම ගොඩනැගීමට පරිශ්‍රමයක් දැරූහ.
ක්‍රිස් බ්‍රෝඞ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 30 ක් රැස්කර සිටි කගිසෝ රබාඩා දැවීයාමත් සමගින් දකුණු අප්‍රිකානුවන්ගේ බලාපොරොත්තු නැවතත් සුන්වී ගියේය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 353 ක් ලබා ගත්තේය.


No comments:
Post a Comment