බැඳුම්කර කොමිසමෙන් හෙළිවන කරුණු අනුව රවි කරුණානායක මහතා ඇමැති ධුරයෙන් ඉවත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පුවත්පතක් අමතා දන්වා තිබේ. "ශ්‍රී ලංකා මහ බැංකුවේ මහ දවල් සිදු කරන ලද මහා හොරකම සම්බන්ධයෙන් මහ බැංකුව ඇතුළට ගිහින් ප්‍රථමයෙන්ම ප්‍රශ්න කළේ මා බව කිව යුතුයි.
විවිධ අපහාස උපහාස මැද මා පැහැදිලිව කිව්වේ මහ බැංකු හොරකම රකින්නේ රවි කරුණානායක බවයි. එහෙත් දිගටම ඔහු පාර්ලිමේන්තුව හා ඉන් පිටතදීත් හොරකම සාධාරණීයකරණය කිරීමට කළ හැකි හැම දෙයක්ම කළා. මුදල් ඇමැතිවරයා විසින් රජයට සල්ලි අවශ්‍ය බවට දින රහිත ලිපියකින් මහ බැංකුවට දැනුම් දුන් ලිපියක් බැඳුම්කර කොමිසම හමුවට ඉදිරිපත් කළා. ඒවා කවදාවත් මුදල් ඇමැතිවරයකු කරන ලද දේවල් නොවේ.
රවි කරුණානායක හා අර්ජුන් මහේන්ද්‍රන්ගේ පැහැදිලි සම්බන්ධතාව හෙළි කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිතුමා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළා. රුපියල් මිලියන ගණනක් වටිනා නිවාස ඒකකයක් (එපාට්මන්ට්) කල් බදු ක්‍රමයට ලබා දුන් බව මීට කලින් පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා. ඒ හැම අවස්ථාවකම රවි කරුණානායක කීවේ ඔහු හැර අනෙක් ඔක්කොම හොරු බවයි. රජයේ සේවකයන්, පෞද්ගලික අංශය ඇතුළු රටේ හැම දෙනාම හොරු බවත් තමා අවංක බවත් හැම අවස්ථාවකම ප්‍රකාශ කරමින් තමා අවංක බව පෙන්වීමට කතා කළා.
විදේශ විනිමය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවක් අවුරුදු ගණනාවක් විභාග කර අධි චෝදනා පත්‍රයේ පැවැති දෝෂයක් නිසා විනිසුරුතුමිය විසින් නඩු තීන්දුව ලබාදී නිදහස් කළා. නඩු තීන්දුව ලබාදුන් විනිසුරුතුමිය විශ්‍රාම ගියා. එම නඩුවට පාදක වූ ඩොලර් මිලියන තුන තිබෙන්නේ කොහේද කියා කවුරුත් දන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් යටතේ රටේ ජනපති හා අගමැති යන දෙදෙනා මේ අමාත්‍යවරයා ගැන තීරණයක් ගත යුතුයි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට මොහු සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබෙනවා.
බැඳුම්කර කොමිසමේදීත් චෝදනා කරුණු ඉදිරිපත් වෙනවා. හැම විටම තමා අති පාරිශුද්ධ බව එතුමා කියනවා. දැන් බැඳුම්කර කොමිසමේ අනාවරණය වන කරුණු අනුව වහාම ඔහු ඇමැතිකමෙන් ඉල්ලා අස්විය යුතුයි. විභාග ප්‍රශ්න පත්‍රයක වරදක් සිදුවූ විටෙක එදා ඔහු ඇතුළු එ.ජා.ප. විපක්ෂය කීවේ කුමක්ද? අධ්‍යාපන ඇමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි. එහෙම බලන විට අපට දැන් කියන්න තියෙන්නේ වන්දි ගෙවලා හෝ ඉවත් වෙන්න කියන එකයි. දැන් අපිට කියන්න ඇත්තේ එක දෙයයි. ඇමැතිකමෙන් ඉවත් වෙනවා පමණක් නොව පුළුවන් නම් රටිනුත් පිට වීම එතුමාට මෙලෝ වශයෙන් කීර්තියයි, පරලෝ වශයෙන් පින්කමයි."
Tuesday, July 25, 2017
රවී ඉල්ලා අස්විය යුතුයි - බන්දුල ඉල්ලයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment