ඉන්නේ ප්‍රංශයේ ..කන්නේ ගෑරුප්පුවේන්..ජාතික කොඩිය ඔසවන්න දන්නේ නැ…මුන්ව තානාපති කරපු එවුන්ට මඩු වලිගෙන් ගහපිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

ඉන්නේ ප්‍රංශයේ ..කන්නේ ගෑරුප්පුවේන්..ජාතික කොඩිය ඔසවන්න දන්නේ නැ…මුන්ව තානාපති කරපු එවුන්ට මඩු වලිගෙන් ගහපිය

ජාතික කොඩියේ ජාතික සළකුණ වන සිංහයාගේ නැට්ටෙන් ජාතික කොඩිය ඵල්ලා කළ අමන උත්සවයක් පසුගිය ඉරුදින ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකික තානාපතිවරයාගේ සහභාගිත්වයෙන් පවත්වා තිබෙන බව අනාවරණය වි තිබේ. අදාළ උත්සවය සඳහා ප්‍රංශයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයාද(Ambassador : H.E. Mr. Tilak Ranaviraja) ඇතුළුව බෞද්ධ භික්‍ෂූන්ද සහභාගීවී සිනහමුසුව සිටිනු දක්නට ලැබෙන ඡායාරූපය කිහිපයක්ම ලැබි තිබේන අතර පැවැති රජයේ මෙන්ම වත්මන් යහපාලනයේ විදේශ ප්‍රතිපත්ති මොනතරම් අමන තකතිරූද යන්න එම ඡායාරූප හරහා පසක් වනු නියතය.


අදාළ උත්සවය ජාතික සම්මාන පිරිනැමීමක් ලෙස හදුන්වාගෙන ඇති අතර ධර්මාචාර්‍යවරුන් යැයි කියා ගන්නා රිළා පණික්කන්, පණික්කියන් පිරිසක රැස්වි ඇති එම් අවස්ථාවේ ශ්‍රි ලංකාවෙ ජාතික කොඩිය සවිකර ඇති ආකාරය හොදින් නිරික්ෂණය කරන්න. ජාතික සම්මාන පිරිනැමීමක් සිදු කිරීමට නම් ඵහි ප්‍රමිතියක් තිබිය යුතුය. ඔහු ගෙන් හෝ ඇය ගෙන් ජනප්‍රජාවට සිදුවී ඇති සේවය තීරණය කළ යුතුය. රටක් නියෝජනය කරන තානාපති කාර්‍යාලයක් නම් ඵම වගකීම ඉතා ඉහළය. රටේ ජාතික කොඩියවත් හරිහැටි නොහඳුනන ඵය භාවිතා කිරීමට නොදන්නා තකතීරුවන් හට රටට කළ සේවය අගයා සම්මාන දීමට ඇති අයිතිය කුමක්දැයි අමුතුවෙන් අප කියාදිය යුතු නොවේ. තානාපතියා වටේ ගොට්ට අල්ලන බත් බැලයන්ගේ තරම අමුතුවෙන් කිවයුතු නොවේ.

අඩුම වශයෙන් ජාතික කොඩිය යනු කුමක් දැයි හඳුනා ගත් උන් නම් ඊටද කමක් නැත. ඒ අනුව අදාල ජාතික සම්මාන බෙදිල්ල රිලවුන්ට බෙදු අයිස්ක්‍රීම් වැනිය. අවසන් වශයෙන් කිමට ඇත්තේ අහෝ රිලවුන් නොදුටු මොක්පුර…!!! යනුවෙන් පමණී. යහපාලන රජයේ පසුගිය මාස කිහිපයක් දක්වාම ගෙනගිය විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තිබු විවේචන අමතුවෙන් රටේ ජනතාවට මතක් කර දිය යුතු නැත. එය රාජපක්ෂ පාලනයට ද වලංගුය. පසුගිය මාස කිහිපය තුළදී දේශපාලන හිතවතුන් 27 දෙනෙකුට විදේශ තානාපති කාර්යාලවල ඉහළ තනතුරු ලබාදීමට ආණ්‌ඩුව ක්‍රියා කල අතර ඒ අතර සුදුසුකම් සම්පූර්ණ කළ අය සිටියදී මෙලෙස දේශපාලන හිතවත්කම් මත තානාපති සේවයට පුද්ගලයන් සිටි බව නොරහසකි.




lankanewsalert.com

No comments:

Post a Comment

Post Bottom Ad