පියංකර ජයරත්න කථානායක අසුනේ වාඩිවීම ගැන විනය පරීක්‌ෂණයක්‌ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 29, 2017

පියංකර ජයරත්න කථානායක අසුනේ වාඩිවීම ගැන විනය පරීක්‌ෂණයක්‌

ඊයේ පාර්ලිමේන්තු සභා රැස්‌වීම අවසන් වූ පසුව එජනිස මන්ත්‍රී පියංකර ජයරත්න මහතා කථානායක අසුනේ අසුන්ගෙන කටයුතු කිරීම පිළිබඳ විනය පියවර ගන්නා බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා ඊයේ (28 දා) පාර්ලිමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කීවේය.

පියංකර ජයරත්න හිටපු ඇමැතිවරයා කථානායක පුටුවේ වාඩිවෙලා නොනිල රැස්‌වීමක්‌ පැවැත්වූවා. ඉතාම බරපතළ ලෙස පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කළා. මහ ලේකම්වරයාගේ පුටුවේ ඉඳගෙන මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව කැඳවන සීනුව නාද කළා. පාර්ලිමේන්තුව හෑල්ලු කිරීමෙන් වෙන්නේ ජනතාවගේ අයිතිය හෑල්ලු කිරීම.

කථානායක පුටුවෙත්, මහ ලේකම් පුටුවෙත් වාඩිවෙලා අනවශ්‍ය ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් සම්බන්ධව විනයානුකූල පියවර ගන්නා ලෙස කථානායකවරයා ගෙන් ඉල්ලනවා. සෙංකෝලය පාර්ලිමේන්තුවේ තිබුණාම ඇති පනතක්‌ සම්මත වෙන්න. කථානායක අසුන අසල වේත්‍රධාරීන් සෙංකෝලය රැකගෙන හිටියා. සියල්ල අවසන් වූ පසුවයි සෙංකෝලය රැගෙන ගියේ.

ඛනිජ තෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක්‌ බවට පත්කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට්‌ නිවේදනය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක්‌ ඉල්ලා සිටි අවස්‌ථාවේදී ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් කනගාටුවන බව ද තිලංග සුමතිපාල මහතා කීවේය.

No comments:

Post a Comment

Post Bottom Ad