“ධාර්මික ගොවිතැනක් - නිරෝගී ජනතාවක් - වස විෂ නැති රටක්” යන තේමාව යටතේ විද්වත් කථිකාවක් පෙරේදා (27) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
රාජිත සේනාරත්න මහතා එහිදී මෙසේ ද අදහස් දැක්වීය."පසුගිය රජය සමයේ ලෝක සෞඛ්‍ය සංවිධානය උතුරුමැද පළාතේ වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණයක් සිදු කළා. ඇමරිකාවේ පදිංචි මහාචාර්ය සරත් ගුණතිලක මහතාත් එම කණ්ඩායමට ඇතුළත් වුණා. එම සමීක්ෂණ වාර්තාව ඇමරිකාවේ විද්‍යා සම්මානයට පවා පාත්‍ර වුණා. මහාචාර්ය සරත් ගුණතිලක මහතා ප්‍රකාශ කළා ග්ලයිෆොසෙට් භාවිතයට ඉඩ ලබා නොදෙන ලෙසත් තවත් මේ පිළිබද පර්යේෂණ කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළා.
සෞඛ්‍ය ගැටළු හදුනා ගත යුතුයි. අනතුරක් තිබෙනවා නම් භාවිතය නතර කළ යුතුයි.2ඒ කාණ්ඩයේ පිළිකා ඇති වීමට ග්ලයිෆෝසෙට් පාදක විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංව්ධානය අනතුරු අඟවනවා. එම නිසා ග්ලයිෆෝසෙට් භාව්තය නතර කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද දැනුම් දී තිඛෙනවා.” "ග්ලයිෆෝසෙට් භාවිතය සෞඛ්‍යයට ද අහිතකරයි.ග්ලයිෆෝසෙට් ආනයනයට තහනමක් පනවා ඇත්තේ සැකයක් තිබෙන නිසයි.ග්ලයිෆෝසෙට් තේ කර්මාන්තයේ විශාලතම වතුයාය සදහා අවශ්‍ය බව ප්‍රකාශ කරනවා.
මෙම වල් නාශකය අපේ දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන් භාවිතා කරන්නේ නැහැ.විද්‍යානුකූලව තහවුරු කළ යුතුයි.මහා පරිමාණ වතුයායවලට පමණක් මෙවැනි ප්‍රශ්ණයක් මොකද?ග්ලයිෆෝසෙට් භාවිතය නීති විරෝධීව සිදුවන බව කියනවා.නමුත් අපි නීති රීති පැනවුව ද දුම් බොන අය තව කොතරම් ඉන්නවා ද? අපේ ලේකම්වරයෙකුගේ හෘද සැත්කමක් සිදු කරන විට පෙණහැල්ල කලු පාටට තිබුනා.මෙයට විද්‍යාත්මක තීන්දුවක් ගනිමු.පර්යේෂණ කර සෞඛ්‍ය දෙස බලා අනාගත තීන්දු තීරණ ගනිමු.” යනුවෙන්ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

No comments:
Post a Comment