පේරාදෙණියේ මූල්‍යාධිකාරි රටින් පැනයයි - ඉහළ නිලධාරියෙකු උදව් කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 29, 2017

පේරාදෙණියේ මූල්‍යාධිකාරි රටින් පැනයයි - ඉහළ නිලධාරියෙකු උදව් කරලා

පේරාදෙණියේ මූල්‍යාධිකාරි රටින් පැනයයි - ඉහළ නිලධාරියෙකු උදව් කරලා
රුපියල් කෝටි හතක පමණ මූල්‍ය අක්‍රමිකතාවකට චෝදනා ලැබ සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍යාධිකාරි රටින් පැනගොස්‌ ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

අක්‍රමිකතාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට විශ්වවිද්‍යාලයීය පරිපාලන අංශ සති තුනක්‌ පමණ ප්‍රමාද කර ඇති අතර චෝදනා ලැබ සිටින මූල්‍යාධිකාරීගේ නිවැරදි ජාතික හැඳුනුම්පත් අංකය ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට එක්‌ වරම ලබා දී නොමැති බවත් මුල්වර වැරදි අංකයක්‌ ලබා දී නිවැරදි හැඳුනුම්පත් අංකය ලබාදීමට තවත් දින තුනක්‌ ගත කර ඇති බවත් වාර්තාවේ. 

විශ්වවිද්‍යාලයේ ඉහළ පරිපාලන නිලධාරියකු මෙම මූල්‍යාධිකාරී සමඟ අතිශයින් සමීපව කටයුතු කර ඇති අතර ඔහුට රටින් පැනයෑම සඳහා මෙම නිලධාරියා අවශ්‍ය වටපිටාව සකස්‌ කර ඇතැයි එහි උසස්‌ නිලධාරීහු සැක පහළ කරති. මෙම සහකාර මූල්‍යාධිකාරිවරයා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සේවයට පැමිණ ඇත්තේ 2006 වසරේදීය. ඉන් තුන් වසරකට පසුව පැවති කඩඉම් පරීක්‍ෂණයක්‌ සඳහා ඔහුට ලකුණු සියයෙන් සියයම ලබා දීමට පරිපාලන අංශ කටයුතු කර ඇතැයි ද විශ්වවිද්‍යාලයීය ආරංචි මාර්ග පැවසී ය. අක්‍රමිකතාව හෙළි වීමෙන් පසු මූල්‍යාධිකාරීගේ වැඩ තහනම් කරනු ලැබ ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad