හම්බන්තොට වරාය චීන ගිවිසුමට අත්සන් තැබීම අද (29) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 29, 2017

හම්බන්තොට වරාය චීන ගිවිසුමට අත්සන් තැබීම අද (29)


හම්බන්තොට වරාය පිළිබඳ චීන රජය සමග ගිවිසුමට අද (29 දා) දින අත්සන් තබන්නට නියමිතය. මේ තුළින් මේ වසර හා ලබන වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක්‌ ලැබෙන බවත් ඒ ප්‍රමාණයෙන් රටේ විදේශ ණය අඩු වන බවත් ඊයේ අග්‍රාමාත්‍යවරයා දන්වා සිටියේය. සෘජු විදේශ ආයෝජන වැඩි කිරීමේ සැලසුම යටතේ අලුත් වැඩසටහන් ගණනාවක්‌ම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් අගමැතිවරයා කීවේය. 

හම්බන්තොට වරාය ගිවිසුම ඊයේ (28 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවද එය විවාදයට අවස්‌ථාව දුන්නත් විපක්‌ෂය ශබ්ද ඝෝෂා කර එය අතහැරිය බවද අගමැතිවරයා කීවේය. වර්ෂ 2011 සිට මේ දක්‌වා හම්බන්තොට වරාය නිසා රු. බිලියන 46 ක්‌ (රු. කෝටි 4600 ක්‌) නැති කරගත් බවද අග්‍රාමාත්‍යවරයා කීවේය.

No comments:

Post a Comment

Post Bottom Ad