ගයාන් වික්‍රමතිලක කියන්නේ පුංචි තිරයෙන් රසික හදවත් දිනාගත්තු ආදරණීය නළුවෙක්. ගයාන් චතුරිකා සමඟ පෙමින් බැදුනට පස්සේ විවිධ කතා හැමතැනම පැතිරුණා. ඒ වගේම ගයාන්ගෙයි චතුරිකාගෙයි අතිනත ගැනීමත් ළඟදි සිද්ධවෙනවා කියලා අපිට ආරංචි වුණා. ඉතිං පැතිරෙන කතා ගැනත් ගයාන්ගේ ජීවිතේ අලුත් විස්තර ගැනත් අහලා බලන්න අපි ගයාන්ට කතා කළා.
ගයාන් කොහොමද මේ දවස්වල ජීවිතේ. මොනවාද අලුත් තොරතුරු?
රංගන ජීවිතේනම් අලුතින් බාරගත්තු වැඩ ටිකක් කරනවා.. ටෙලි නාට්‍ය කිහිපයක රූගත කිරීම් කරනවා. ඒ දේවල් තමයි ඉතිං.. සාමාන්‍ය විදිහට ජීවිතේ ගෙවනවා.
චතුරිකා සමග විවාහ වෙන්න දැන් දවසක් තීන්දු කරලද තියෙන්නේ?
තීන්දු කරලා තියෙනවා. ඒත් ඊට කළින් කරන්න ඕනේ වැඩ ටිකක් තියෙනවා. අපිට ඒ
වැඩ ටික කරගෙන ඉන්න ඕනේ.. මේ අවුරුද්දේ බොහෝ දුරට විවාහය සිදුවෙයි.
විවාහ වෙලා එකට ජීවත්වෙන්න බැරිනම් වෙන්වෙන එකද හොඳ?
අනිවාර්යෙන්ම.. හොඳම දේ තමයි කලබල වෙන්නේ නැතිව ඉන්න එක. කලබලය පසුතැවිල්ලට
හේතුවෙනවා කියලා කියමනක් තියෙනවනේ. විවාහ වුණාට පස්සේ දරුවා නිසා හරි වෙන
දෙයක් නිසා හරි මරාගෙන කොටාගෙන ලෝකෙට පේන්න අත අල්ලගෙන ඉඳලා වැඩක් නෑනේ. පිටට පේන්න ඉඳලා ගේ ඇතුලට ආවම මරාගන්නවනම් අයින් වෙන එක තමයි හොඳ.
ගයාන්ට චතුරිකා එක්ක ඉන්න බැරිවුණොත් එයාගෙනුත් අයින් වෙනවාද?
ඔව්.. මම චතුරිකාගෙන් අයින් වෙනවා. ඉන්න බැරිනම් අයින් වෙන එක තමයි හොඳ.
ඒත් අද වෙනකං අපි දෙන්නට දෙන්නා නැතිව ඉන්න බැහැ.. ඒ තරමට අපිට අපි ඕනේ.
Living together ගැන ගයාන් දරන්නේ මොනවගේ අදහසක්ද?
මම හිතන්නේ හුගක් අය ඒ විදිහට ජීවත් වෙනවා. ඉතිං ඒක නරක දෙයක් නෙවෙයි කියලයි මම හිතන්නේ. මම හිතනවා අනිත් කෙනාව තේරුම් ගන්න ඒ දේ හොඳයි කියලා. මොකද බදින්න කලින් හොඳට ඉන්න අය ටික කාලයක් යද්දි යක්කු වගේ වෙනවා. වයිෆ්
වයිෆරේ වෙනවා. මනුස්සයා කනමදයා වගේ බොන්න පටන් ගන්නවා. ගෑණු එක්කෙනා
නයිටියක් ඇඳගෙන කුණුකෙල පෙරාගෙන ඉන්න තත්ත්වෙට එනවා. ඉතිං මේ හැමදේම Living
together ඉන්නකොට තේරුම්ගන්න පුළුවන් වෙනවා.
රංගන ශිල්පීන්ගේ විවාහ ජීවිත ඉක්මනින්ම අවුල්වෙලා යන්නේ ඇයි?
රංගන ශිල්පීන්ගේ විතරක් නෙවෙයි. බහුතරයක් සමාජයේ අද දික්කසාදය වෙනවා. ඒත් රංගන ශිල්පීන්ගේ ඒවා එළියට එනවා වැඩියි. පත්තරවල් මීඩියාවලින්හරි
කටකතාවලින් හරි එළියට එනවා වැඩියි. එකට ඉන්න බැරිනම් අයින් වෙන එක සාමාන්‍ය
දෙයක්.
ගයාන්ගේ ජීවිතයට විරහව කියන දේ කොච්චර දැනිලා තියෙනවාද?
විරහව කියන දේ ඇත්තටම මට දැනිලා නැහැ. ඒ ගැන කතා කරන්න තරම් ලොකු දෙයක්
නෙවෙයි.. එකිනෙකා ඈත්වීම ගැන දුක හිතට දැනිලා තියෙනවා. ඒත් ඒක නිර්වචනය
කරන්න දන්නේ නෑ.. රංගන ශිල්පියෙක් විදිහට විරහව නිරූපනය කරලා තියෙනවා.
ජීවිතේ වැඩියෙන්ම දුක හිතුනු දවස මතකද.?
එක කුස උපන් නංගිගේ ලොකු පුතා නැතිවුණා. අවුරුදු දෙක හමාරයි පුතාට. එදා මට ජීවිතේ අදහාගන්න බැරි දවසක්.. මම වැඩියෙන්ම දුක් වුණේ එදා.
ආදරේ ඇතුලේ රාගය කොච්චරක් තියෙන්න ඕනේද..?
එහෙම කියන්න බෑ.. සම්පූර්ණ රාගයවත් ආදරේවත් නෙවෙයි.. ඒ දෙකම සමබරව තියෙන්න
ඕනේ. සමහරු කියන්න පුළුවන් බැදීමක් ශක්තිමත් වෙන්න රාගය තියෙන්න ඕනේ කියලා.
බැඳීම් ඇතිවෙන්න රාගය මුල්වෙනවා. ඒත් රාගය කියන්නේ රාගයට ලංවෙන්න බැරි තරම් උඩකින් තියෙන දෙයක්. ආදරේට රාගය එකතු වුණාම කලාත්මක බවක් නැවුම් බවක් දැනෙනවා.
අනාගත බලාපොරොත්තු මොනවාද?
ලංකාවේ ජීවත්වෙන රංගන ශිල්පියෙක් විදිහට ක්ෂේත්‍රයට යමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රටට හොඳ පුරවැසියෙක් වෙන්න.
වෙබ් ගොසිප්
Tuesday, July 25, 2017
මම චතුරිකාගෙන් අයින් වෙනවා – ඉන්න බැරිනම් අයින් වෙන එක තමයි හොඳ – ගයාන් වික්‍රමතිලක
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)




No comments:
Post a Comment