යාපනය තුන්නාලෙයි වල්ලිමඩම් හීදි යතුරු පැදිවලින් පැමිණි පුද්ගලයින් නාදුනන පිරිසක් විසින් ඊයේ (26) රාත්‍රියේ උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදීමෙන් එම නිලධාරියා රෝහල් ගතකොට ඇතැයි යාපනය නෙල්ලිඅඩි පොලිසිය කියා සිටියේය.
උපපොලිස් පරික්ෂක තින්දුරාජා නැමති නිලධාරියා නිවාඩු ලබා කොඩිකාමම් පේදුරුතුඩුව මාර්ගයේ එන්.පී.බී.සී.ඕ. 7800 නැමති අංක දරන යතුරු පැදියකින් නිවසට ගමන් කරමින් සිටියදී යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් සිව්දෙනකු විසින් උප පොලිස් පරීක්ෂකවරයාගේ ගමන් ගත් යතුරුපැදිය අවහිරකොට නවත්වා හිසට පහරදීම සිදුකොට ඇතැයි පොලිසිය පවසයි.
හෙල්මට්ටුවක් දමා සිටීම නිසා පහරකෑ උප පොලිස් පරීක්ෂකවරයාට තුවාල සිදු නොවුනද එම අවස්ථාවේදීම පහර කෑමෙන් අසල පිහිටි කැලෑවක දිව ගොස් ඇති අතර පසුව චාවකච්චේරි රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර ඔහුගේ තත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියේය. අදාල පහර දීම සිදු කල පුද්ගලයින් මේ දක්වා හඳුනාගෙන නොමැති බවටද පරික්ෂණ සිදු කරන නෙල්ලිඅඩි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Thursday, July 27, 2017
යාපනේ යතුරුපැදි කල්ලිය නොනවතී.. පොලිස් පරික්ෂකට පහර දී රෝහලේ..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment