වව්නියාව ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේ ළදු කැළෑවකට කිසියම් පිරිසක් විසින් ඊයේ ( 25) සවස ගිනි තබා ඇති බව වාර්තා වේ. එම ගින්නෙන් ඉරට්පෙරියකුලම පොදු සුසාන භූමියේ සොහොන් කොත් කීපයක් විනාශ වී ගොස් තිබේ. එම ස්ථානයට පැමිණි ඉරට්ටපෙරියකුල පොලිස් ස්ථානයේ නිලධාරීන් ජල බවුසර් යොදා ගනිමින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.
මීට මාසයකට පමණ ඉහතදී මේ ප්‍රදේශය ආසන්නයේම සිදු කල ගිනි තැබීමකින් රජයේ දේපළ රැසකට අලාභ හානි සිදුවුණි. මේ දිනවල පවතින අධික නියගය නිසා උතුරු පළාතේ සියළු බිම්වල තණකොළ වියළී ගොස් ඇති හෙයින් ඉතා සුළු ගිනි ගැනීමකින් වුවද පළාතක්ම විනාශ වී යන තත්තවයකට පත්ව තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.
(දිනසේන රතුගමගේ)

No comments:
Post a Comment