"නොමඟ යවලා" එස්.බී කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

"නොමඟ යවලා" එස්.බී කියයි

අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මහා සංඝරත්නය හා රට නොමඟ යවා ඇති බව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන සහ කන්ද උඩරට සංවර්ධන කටයුතු  අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (25) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී.දිසානායක මහතා මෙසේ ද සඳහන් කළේය.

“අතුරුදහන් වූවන්ගේ කාර්යාල  පිළිබඳව හිටපු ජනාධිපතිතුමා ස්වාමීන්වහන්සේලාටත් ලියලා  තියෙනවා ලිපියක් විදේශීය බලවතුන්ට කේන්ද්‍රීය කාර්ය භාරයක් පැවරීම සඳහා නව නීති හා ආයතන ස්ථාපිත කිරීමට කියලා තමයි මාතෘකාව තියෙන්නේ.ඒ මාතෘකාව මහ විශාල බොරුවක්.මේ රට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා නොමඟ යවන කාර්යයක්.මේ කාර්යාලයට කිසිම විදේශික නියෝජිතයෙක් යන්නේ නැහැ.ඊළඟට කියනවා සාක්කිකරුවන්ගේ කටයුතු ලබා ගන්නා අධිකරණ කාර්යභාරය.මේකේ කිසිසේත්ම අධිකරණ කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ නැහැ.

රණවිරුවන්ට කරන ඉතාම සාහසිකව චෝදනාවක්. රණවිරුවො ගලව ගන්නත් ඉතාම හොඳ දෙයක් හැටියට හිතනවා.කාර්යාලයේ නින්ධිතයන් අතුරුදහන් වූවන්ගේ සහන සලසන කාර්යාලයක්.මේ 71 අතුරුහන් වූ ළමයෙක් ගැන මේ කාර්යාලයට ගිහිල්ලා පැමිණිල්ලක් කරලා ඒ ගැන හොයලා බලලා කියන්න කියලා.මේ අතුරුදහන් වීම පටන් ගත්තේ ජනතා විමුක්ති පෙරමුණනේ.පැහැදිලිව පේනවා නම් මෙතන මහා අපරධයක් වෙලා තියෙනවා කියලා ඒක නීති අංශෙට යොමු කරයි ඒ කාරණය.”

No comments:

Post a Comment

Post Bottom Ad