ඛනිජ තෙල් සේවකයින් වර්ජනය අත්හරී - ඉන්ධන බෙදාහැරීමේ යථා තත්වයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

ඛනිජ තෙල් සේවකයින් වර්ජනය අත්හරී - ඉන්ධන බෙදාහැරීමේ යථා තත්වයට

ඛනිජ තෙල් සේවකයින් වර්ජනය අත්හරී - ඉන්ධන බෙදාහැරීමේ යථා තත්වයට
ලංකා ඛනිජ තෙල් වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය මේවන විට අත්හිටුවා තිබේ.
ඒ අනුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ ඊයේ (26) සවස පැවති විශේෂ සාක්ච්ඡාවකින් අනතුරුව සිය වෘත්තීය ක‍්‍රියාමාර්ගය එළැඹෙන අඟහරුවාදා දක්වා අත්හිටුවීමට ලංකා ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව තීරණය කර ඇත.

කෙසේ වෙතත් තීරණය වෙනස් වුවද ඉන්ධන මුදා හැරීම යථාතත්ත්වයට පත්වීමට යම් කාලයක් ගත වෙන බව ද අදාළ බලධාරීන් ප්‍රකාශ කරයි. මේ අතර ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී හම්බන්තොට වරාය ගිවිසුම සංශෝධනයට එකගත්වයකට පැමිණි බව ද වාර්තා වෙයි. වර්ජනය හේතුවෙන් ඇණ හිට තිබු ඉන්ධන ප්‍රවාහන කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව කොළොන්නාව ඛනිජ තෙල් නිමාව පවසයි. 

කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මෙලෙස ඉන්ධන ප්‍රවාහන කටයුතු සිදුකෙරෙන බව වෘත්තීය සමිති සඳහන් කළේය. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 25 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් වෘත්තීය සමිති කිහිපයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය. මේ හේතුවෙන් ඉන්ධන ප්‍රවාහන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වු අතර ජනතාවට ද දැඩි දුෂ්කරතාවයන්ට පත්වීමට සිදුවුණි.

No comments:

Post a Comment

Post Bottom Ad