නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට පාලක මණ්ඩලයක් - සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට පාලක මණ්ඩලයක් - සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස්

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට පාලක මණ්ඩලයක් - සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස්
අමාත්‍ය මණ්ඩලය විසින් දෙන ලද අනුමැතිය පරිදි, 2017 අගෝස්තු මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, මාලඹේ, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන යොදනු ලැබ ඇතැයි රජය පවසයි.

අති නවීන පහසුකම්වලින් සමන්විත එම රෝහල ගුණාත්මක බවින් ඉහළ රෝගී සත්කාරක සේවාවක් සපයනු ලබන ශික්ෂණ රෝහලක් වශයෙන් පවත්වා ගෙන යාමට අපේක්ෂිත අතර, ඒ සඳහා එම රෝහල ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල ස්ථාපනය කර ඇති අන්දමට පාර්ලිමේන්තු පනතක් මඟින් සංස්ථාගත කළ යුතුව තිබේ.

ඒ අනුව, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගනිමින්, එසේ පාර්ලිමේන්තු පනතක් මඟින් මෙම රෝහල සංස්ථාගත කරන‍ තෙක් එහි සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගැනීම, එහි පරිපාලනය හා කළමනාකරණය පිණිස හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය යූ.ඒ. අජිත් මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් වෛද්‍ය, පරිපාලන, කළමනාකරණ හා සිවිල් සමාජය නියෝජනය කරන විද්වතුන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක්, 2017 අ‍ගෝස්තු මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමටත්, 2017 වර්ෂය සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති ප්‍රතිපාදන කළමනාකරණය කරගනිමින් මෙම රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා මාසයකට රුපියල් මිලියන 200 බැගින් ප්‍රතිපාදන සැලසීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad