ජයික් හිල්ටන් ජැජන්ට් එකේ ෆෝන් හෙර මාට්ටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

ජයික් හිල්ටන් ජැජන්ට් එකේ ෆෝන් හෙර මාට්ටු

කොළඹ "ජයික් හිල්ටන්" හෝටලයේ පැවැති ලෝක රූ රැජන තේරීමේ තරගයකට ගොස් සිටියදී රුපියල් තිස් අටදහස් පන්සියයක් වටිනා ජංගම දුරකතනයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි තරුණියක් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

විත්තිකාර තරුණිය පසුගිය 16 වැනිදා කොළඹ "ජයික් හිල්ටන්" හෝටලයේ පැවැති ලෝක රූ රැජන තේරීමේ තරගයකට ගොස් තිබෙන අතර එම තරගයට පැමිණි තවත් තරුණියක් තම ජංගම දුරකතනය විත්තිකාර තරුණියට භාරදී ගොස් ඇත. ජංගම දුරකතනය භාරදුන් තරුණිය ජංගම දුරකතනය නැවත ලබා ගැනීමට පැමිණීමේදී විත්තිකාර තරුණිය හෝටලයෙන් පිටතට ගොස් තිබේ.

ඒ පිළිබඳ ජංගම දුරකතනය අයිති තරුණිය කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව කොම්පඤ්ඤවීදිය පොලිසිය විත්තිකාර තරුණියට දුරකතන පණිවිඩයක් මඟින් ඒ බව දැනුම් දී තිබේ. ඒ සමඟම ඇය දුරකතනය මරදාන දුම්රියපොළෙහි ඒ. ටී. එම්. යන්ත්‍රය ළඟ වැටී තිබුණා යැයි පවසා මරදාන දුම්රිය ස්ථානාධිපතිවරයාට භාර දී ඇත. සොරකම් කිරීම සහ සොර බඩු ළඟ තබා ගැනීම යටතේ විත්තිකාර තරුණියට එරෙහිව කොම්පඤ්ඤවීදිය පොලිසිය චෝදනා ගොනුකර තිබිණි. විත්තිකාර තරුණිය රාගම ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් වන අතර පැමිණිල්ල ගොනුකිරීම සඳහා නඩුව අගෝස්තු 28 වැනිදා කැඳවීමට නියමිතය.


අමිල අබේරත්න

No comments:

Post a Comment

Post Bottom Ad