ඛනිජ තෙල් වර්ජනයෙන් ජනතාව අමාරුවේ - ඉන්ධනහල් අසල දිගු පෝලිම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

ඛනිජ තෙල් වර්ජනයෙන් ජනතාව අමාරුවේ - ඉන්ධනහල් අසල දිගු පෝලිම්

මේ වන විට ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් දිවයින පුරා තෙල් බෙදාහැරීමේ කටයුතු ඇණහිට ඇති බව ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා සඳහන් කරයි. ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති ඊයේ(24) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජන ආරම්භ කෙරිණි.

චීන වරායේ තෙල් ටැංකි ඉන්දියාවට පැවරීම හා හම්බන්තොට තෙල් ටැංකි චීනයට පැවරීමට විරෝධය පල කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේය. මේ හේතුවෙන් ඛනිජ තෙල් වෘත්තීය සමිති වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව පැවසීමත් සමඟ දිවයින පුරා ඉන්ධනහල්වල දිගු පෝලීම් දක්නට ලැබිණි. ඊයේ රාත්‍රීයේද කොළඹ අවට තදාසන්න ප්‍රදේශ රැසක ඉන්ධන හල්වල වාහන පෝලීම් හේතුවෙන් අධික රථවාහන තදබදයක් හටගෙන තිබිණි.

අද(25) උදෑසනද ඉන්ධනහල් අවට අධික වාහන පෝලීම් දක්නට ලැබිණි. ඇතැම් ඉන්ධනහල්වල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ද නතර කර තිබු බවද වාර්තා වේ. කෙසේවෙතත් මේ තත්ත්වය හේතුවෙන් ජනතාව මහත් අපහසුතාවයට පත්ව තිබේ. වැඩ වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර කඩිනම් විසදුම් ලබාදීමට බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad