සංස්ථා සේවකයන් සේවයට වාර්තා කරනතුරු පෞද්ගලික ඉන්ධන බවුසරවලට ඉන්ධන පිරවීම සිදු නොකරන බව තෙල්ටැංකිකරුවන්ගේ සංගමය පවසයි. වර්ජනයට තම සංගමය කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවත්, එහෙත් හමුදා සාමාජිකයන් රථවලට ඉන්ධන ලබාදුන්නත් ප්‍රවාහනයේදී ඇතිවන අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවත් එම සංගමයේ නියෝජිතයෙකු පැවසී ය. ඛනිජ තෙල් වෘත්තීය සමිති සඳහන් කළේ කොලොන්නාව හා මුතුරාජවෙල තෙල් ටැංකි සංකීර්ණයට හමුදාව, පොලීසිය කඩා වැදීම පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.
වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් වන අවස්ථාවේදී ඒ පිළිබඳව සාකච්ඡා නොකර එය කඩාකප්පල් කිරීම මෙරට කම්කරු නීතිරීතිවලට අනුව නොහැකි බවද ඛනිජ තෙල් පොදු සේවක සංගමය සඳහන් කරයි. මේ පිළිබඳව වත්තල පොලීසියට පැමිණිලි කර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම සංගමයේ සභාපති අශෝක රන්වල මහතා සඳහන් කළේය. මීට අමතරව ඛනිජ තෙල් සේවක වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බවද ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.
හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ කොළොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තවල ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් උදෑසන වන විට බෙදා හැරීමේ කටයුතු ආරම්භ කළ හැකි බවයි. කෙසේවෙතත් තෙල් නිකුත් කිරීමේ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අදාල නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමට අවශ්‍ය බැවින් යුද හමුදාව විසින්ද තෙල් නිකුත් කිරීමේදී ප්‍රමාදයක් මතුව ඇති බව වාර්තා වේ.
කොලොන්නාව තෙල් නිමාව සංකීර්ණයට අද(26) අලුයම යුද හමුදාව ඇතුළු විය. ඒ, අනුව යුද හමුදාව විසින් එහි සිටි සේවකයින් ඉවත් කිරීමට පියවර ගනු ලැබිණි. නමුත් එම අවස්ථාවේදී එහි සිටි සේවකයින් ඊට විරෝධය පල කළහ. කොලොන්නාව තෙල් නිමාව සංකීර්ණයේ සහ එහි සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් එම ස්ථානයෙන් ආරක්ෂක අංශ විසින් ඉවත් කළ බවට පොලීසිය පවසයි.

No comments:
Post a Comment