අසේලට ඉන්දියානු තරගාවලිය අහිමි වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

අසේලට ඉන්දියානු තරගාවලිය අහිමි වෙයි..

2017 ඉන්දියා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (26) ගාල්ලේදී ඇරඹුණු අතර එහිදී සිය වමතේ මහපට ඇඟිල්ලේ පන්දුව වැදීම නිසා අස්ථි බිඳීමකට ලක්වූ අසේල ගුණරත්න, තරගාවලියේ මීළඟ තරග සඳහා සහභාගී වේද නොවේද යන්න පිළිබඳ සැකයක් පවතියි.

දිනයේ 14 වැනි පන්දු ඕවරය යැවූ ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ ශිඛර් ධවාන්ගේ පිත්තේ පිටත දාරයේ වැදී ස්ලිප් කලාපයට ඇදීගිය උඩපන්දුවක් රැකගැනීමට යාමේදී පන්දුව අසේලගේ වම් මහපට ඇඟිල්ලේ වැදුණු අතර එහිදී එහි අස්ථි බිඳීයාමක් සිදුවී උඩපන්දුව ගිලිහී ගියේය. ඒ මොහොතේම පිටියෙන් ඉවත්කර ගැනුණු අසේලව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට පිටත් කර හැරි පසු ශිඛර් ධවාන් පන්දු 168කදී වේගවත් ලකුණු 190ක් ලබා ගත්තේ සිය ආධිපත්‍ය පිටිය පුරා පතුරුවමිනි.

“කොළඹදී ඔහුට හදිසි සැත්කමක් සිදු කරනවා. මේ තරගයට නැවතත් ඔහු එක්වන්නේ නැහැ වගේම තරගාවලියටම ඔහුගේ සහභාගීත්වය සැක සහිතයි.” කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා ස්ථිර කළේය. අසේලගේ පන්දු යැවීමට අමතරව ඔහුගේ මැදපෙළ පිතිකරණයද දැන් ශ්‍රී ලංකාවට අහිමිව ගොස් ඇත. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ආර්. ප්‍රේමදාස පිටියේදී පැවති ටෙස්ට් තරගය ජය ගැනීම වෙනුවෙන් නොදැවී ලකුණු 80ක් වාර්තා කළේ අසේල යි.

No comments:

Post a Comment

Post Bottom Ad