"මම සැප විඳලා ආවේ නෑ..ගිය ආණ්ඩුව කාලේ කළා නම් ආගිය අතක් නෑ..උපරිම ක්‍රියාමාර්ග ගන්නවා "- ජනපති වර්ජනය ගැන තදින් කතා කළ වීඩියෝව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

"මම සැප විඳලා ආවේ නෑ..ගිය ආණ්ඩුව කාලේ කළා නම් ආගිය අතක් නෑ..උපරිම ක්‍රියාමාර්ග ගන්නවා "- ජනපති වර්ජනය ගැන තදින් කතා කළ වීඩියෝව

පසුගිය රජය සමයේ වැඩවර්ජන දියත් කළා නම් හෝ  රජයට එරෙහිව කටයුතු කළා නම් ඒවා මෙහෙය වූ වෘත්තීය සමිති නායකයෝ ආගිය අතක් සොයා ගැනීමට නොලැබෙන  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

තෙල් සංස්ථා සේවකයන් සුළු පිරිසක් හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කරමින් සිටිය ද අපේ රටේ බිම් අඟලක්වත් විදේශිකයන්ට සින්නක්කරව පවරා නොදෙන බවයි ජනාධිපතිවරයා ඊයේ (26) කුඹල්අංග හමීදියා මුස්ලිම් පාසලේ විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමින් කියා සිටියේ. රජය විසින් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ඛනිජ තෙල් බෙදා හැරීම ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක වර්ජනයෙහි යෙදී රැකියා අහිමි කර නොගෙන සේවයට වාර්තා කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත් ඔහු එහිදී සඳහන් කළා.

අනවබෝධයෙන් කටයුතු කරන සුළු පිරිසක් නිසා රටේ බහුතර ජනතාව පීඩාවට පත්කිරීමට ඉඩ නොතබන බව පැවසූ ජනපතිවරයා  ඒ සඳහා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට රජය කිසිසේතම් පසුබට නොවන බවද අවධාරණය කර සිටියා. එම කතාව ඇතුළත් වීඩියෝව පහතින් දැක්වෙනවා.



No comments:

Post a Comment

Post Bottom Ad