හම්බන්තොට වරාය ගිවිසුම සෙනසුරාදා අත්සන් කරනවා.. අවුරුදු 80කින් 60%ක් ආපසු ගන්නවා..- ශ‍්‍රීළනිප ඇමති වරාය දීම ස්ථිර කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

හම්බන්තොට වරාය ගිවිසුම සෙනසුරාදා අත්සන් කරනවා.. අවුරුදු 80කින් 60%ක් ආපසු ගන්නවා..- ශ‍්‍රීළනිප ඇමති වරාය දීම ස්ථිර කරයි..

හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට පැවරීමේ ගිවිසුම මෙම සෙනසුරාදා අත්සන් තබන බව වරාය හා නාවුක කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

අත්සන් කරන ගිවිසුම අනුව වසර 80කින් පසු වරායේ කොටස් 60%ක් සමග බහුතර අයිතිය ශ‍්‍රී ලංකාවට ගත හැකි යයිද ඇමතිවරයා කියයි. ඒ අනුව දැනට වයස අවුරුදු 61ක් වන ඇමති සමරසිංහට වයස අවුරුදු 141ක් වෙද්දී හම්බන්තොට වරයාගේ බහුතර කොටස් ප‍්‍රමාණය රජයට ලබා ගත හැක.

කෙසේ වෙතත් වසර දෙකකට ආසන්න කාලයක් එජාප ඇමතිවරයෙක් වූ අර්ජුණ රණතංග විසින් ඉදිරිපත් නොකරන ලද මෙම කැබිනට් පත‍්‍රිකාව ශ‍්‍රීලනිප ඇමති මහින්ද සමරසිංහ පත්වී මාස දෙක ගත වන්නට පෙර ඉදිරිපත් කිරීම විශේෂය.


No comments:

Post a Comment

Post Bottom Ad