පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාවක්: ලබන 4 දක්වා කල් තබයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාවක්: ලබන 4 දක්වා කල් තබයි

පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාවක්: ලබන 4 දක්වා කල් තබයි
සභා ගර්භයේ ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව අගෝස්තු 04 දක්වා කල්තැබීමට කථානායක කරූ ජයසූරිය මහතා අද(28) තීරණය කළේය. ඛනිජ තෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනයට අදාළව අද (28) පෙරවරුවේ ඡන්දවිමසීමක් පැවතියදී ඒ අතරතුර නොසන්සුන්තාවක් හටගෙන තිබේ.

ඡන්දය විමසීමට පෙර කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය අසලදී ඛනිජ තෙල් සේවකයින්ට සිදුවූ පහර දීම සම්බන්ධයෙන් සාගල රත්නායක අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදුකළ යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරු කියා සිටියහ. එහෙත් කථානායකවරයා ඡන්දය විමසීමට තීරණය කළේය. අනතුරුව මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසූ අතර විපක්ෂ මන්ත්‍රීවරු ඊට දැඩි විරෝධය එල්ල කළහ. එහිදී මන්ත්‍රීවරුන් පිරිසක් සෙංකෝලය ලබා ගැනීමට උත්සහ කළ අවස්ථාවේ කථානායකවරයා සභාව කල් තබන ලෙස දැනුම් දුන්නේ ය.

ඒ අනුව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ, ලබන 4 වන දා දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව ය. ඛනිජ තෙල් සේවකයින් විසින් වර්ජනයක් දියත් කර තිබියදී ඛනිජ තෙල් බෙදා හැරීම ජූලි (25) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය ‍සේවාවක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත. මේ අනුව ඛනිජ තෙල් සංස්ථාවට අයත් සියලුම සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස රජය දැනුම් දී ඇති අතර එසේ සේවයට වාර්තා නොකරන සියලු සේවකයින් රැකියාව අත්හැර ගියා සේ සලකන බව රජය දැනුම් දී තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad