ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) උපාධි පිරිනමනු ලබන ස්වාධීන උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස එම ආයතනය ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
මහපොළ භාරකාර අරමුදල විසින් සපයන ලද ණය මුදලක් යොදවා ආරම්භ කරන ලද, මාලඹේ ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), මේ වන විට තාක්ෂණය, ව්‍යාපාර හා ඉංජිනේරු යන ක්ෂේත්‍රයන්ට අදාළ උපාධි පිරිනමනු ලබන ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයකි.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් මහපොළ භාරකාර අරමුදලෙන් ලබාගත් ණය මුදල සම්පූර්ණයෙන්ම මේ වන විට ආපසු ගෙවා ඇති බැවින්, ආයෝජකයින් ආකර්ෂණය කරගනිමින්, විදේශීය උසස් අධ්‍යාපන ආයතන හා සම්බන්ධ වෙමින් මෙම ආයතනය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණු ඇතිව රජය විසින් මෙම පියවරට එළඹ තිබේ.
දැනට එහි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 7,000ක් පමණ අධ්‍යයන කටයුතුවල නිරත වන අතර, මේ වන විට 9,000ක පමණ උපාධිධාරින් පිරිසක් එම ආයතනය විසින් බිහි කරනු ලැබ ඇත.
Wednesday, May 17, 2017
SLIIT ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමේ තීරණයක්.
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment