ලංකාවට ආවෙ නෑ කියූ වන්නාක්‍රයි වෛරසය කොළඹ ආයතනයකට ඇවිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

ලංකාවට ආවෙ නෑ කියූ වන්නාක්‍රයි වෛරසය කොළඹ ආයතනයකට ඇවිත්

පසුගිය සතියේ සිට ලෝකයේ විශේෂ මාතෘකාවක් බවට පත්වෙමින් කථාබහට ලක්වූ වන්නක්‍රයි නමැති කප්පම් ඉල්ලන ගණයේ පරිගණක වෛරසය ශ්‍රී ලංකාවට බලපෑවේ නැති බවට වාර්තා පළව තිබූ නමුත් ඊයේ 16 මුල්වරට එය තම පරිගණකයට ගොදුරුවූ බව එක්තරා ආයතනයකින් දන්වා ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (සර්ට්) නිවේදනය කර තිබේ.

කොළඹ පරිගණක සම්බන්ධ ආයතනයකට මෙම වෛරසය බලපා ඇති අතර සර්ට් කණ්ඩායම එහි ගොස් පරීක්ෂා කර බැලීමේදී අදාළ පරිගණකය ප්‍රතිවෛරස මෘදුකාංගයක් හෝ යාවත්කාලවූ පද්ධතියකින් නොපැවති බව හඳුනාගෙන ඇත. මෙම පරිගණකයේ දත්ත වෙනත් තැනකට යොමු කර තිබුණ නිසා ගැටලුවක් ඇතිව නැති අතර කප්පම් ගෙවීමකින් තොරව වෛරසය ආසාදනයවීම  සකස් කර දෙන්නට ඔවුන් උදව් කර තිබේ.

මේ නිසා ලංකාවේ අය ඉදිරියේදී මෙම වෛරසය ගැන සැලකිලිමත් විය යුතු බවද පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (සර්ට්) හි ආරක්ෂක ඉංජිනේරු රොහාන් චන්ද්‍රගුප්ත දන්වා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad