චීනයෙන් යුවාන් මිලියන 400 ක ප්‍රදානයක්. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

චීනයෙන් යුවාන් මිලියන 400 ක ප්‍රදානයක්.

චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්‍ෂණ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා යුවාන් මිලියන 400ක ප්‍රදානයක් ශ්‍රී ලංකාව වෙත ලබා දීම සඳහා වූ ගිවිසුමට 16වන දා සන්ධ්‍යාවේ චීනයේ බෙයිජිං නුවර මහජන මහා ශාලාවේ දී අත්සන් තැබිණි.

චීන අග්‍රාමාත්‍ය ලී ක’ඡියාන් (Li Keqiang) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී මෙම ගිවිසුමට අත්සන් තැබූයේ චීනයේ නියෝජ්‍ය වෙළඳ අමාත්‍ය ෆු ෂියිං (Fu Ziying) මහතා සහ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසිනි.

No comments:

Post a Comment

Post Bottom Ad