පසුගිය සතියේ එක්තරා සවසක ඇමරිකාවේ පෝට්රේට් පාක් හි පිහිටි ගෘහ භාණ්ඩ පිරුණු තොග ගබඩාවකට හදිසියේ ම ගොඩ වැදුණේ සුරූපි කාන්තාවක්. ඇය ව්‍යායාම් (Jogging) කරමින් ඇවිදිමින් සිටි කෙනකු බව ඒ මොහොතේ ගබඩාවේ සේවය කරමින් සිටි ලිපිකාරිනියකට වැටහුණා. මේ ලිපිකාරිනිය වෙතට ගිය සුරූපී කාන්තාව ඇගෙන් ඉල්ලීමක් කළා.
“කරුණාකරලා මට වොෂ්රූම් එකට යන්න ඉඩ දෙනවද?" මේ ඉල්ලීමට ඉඩ දුන් ලිපිකාරිණිය ඇයව නාන කාමරය වෙත යොමු කළා. මඳ වේලාවකින් පිටතට පැමිණි කාන්තාව දුටුවේ එහි තිබෙන විවිධාකාර මෙට්ට වර්ගයි. “ඔයා කැමැති මොන වගේ මෙට්ට්රස් එකකට ද” ඇය ලිපිකාරිනියගෙන් ඇසුවා. ප්‍රශ්නයෙන් අන්ද මන්ද වූ ලිපිකාරිනිය, වටිනා මෙට්ටයක් පෙන්වූයේ ඕනෑවට එපාවටයි.
“මම පෙන්නුවෙ ඩොලර් 2000 ක් වටිනා මෙට්ටයක්. ඒ ගමන එයා කිව්වෙ නැතැයි, ඒක මට තෑගි කරනවා කියලා! මට මුකුත් හිතාගන්න බැරිවුණා." ඇත්තට ම එයා ඒකට සල්ලි ගෙවලා මට තෑගි කළා. සල්ලි ගෙව්වෙ කාඩ් එකෙන් නිසා ඒකෙ තිබුණු එයාගෙ නම දැකල මට පොඩි සැකයක් ඇතිවුණා.
එයාගෙ නම ඇමී ෂුමර්. පස්සෙ මම මේ නම, නෙට් එකෙන් සර්ච් කළා. මට මෙට්ටය තෑගි කරලා තියෙන්නෙ ජනප්‍රිය නිළි ඇමී ෂුමර් තමයි.. එයාට වොෂ් රූම් යන්න ඉඩදීපු නිසයි මට ඒ තෑග්ග දීල තියෙන්නෙ.” මවිත වූ ලිපිකාරිනිය පවසා තිබෙනවා.
Friday, May 12, 2017
සුරූපිණියට වොෂ්රූම් එකට යන්න දුන් සේවිකාවට ලැබුණු ඇදහිය නොහැකි තෑග්ග - PHOTOS
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)






No comments:
Post a Comment