පොලිස් නිළධාරීන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සැලසුම මරණ දඬුවම ලැබූ වෙලේ සුදාගේ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 12, 2017

පොලිස් නිළධාරීන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සැලසුම මරණ දඬුවම ලැබූ වෙලේ සුදාගේ?

මත්කුඩු වැටලීමක්‌ සඳහා යමින් සිටි පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් තිදෙනකු ඉලක්‌ක කර පසුගිය(09) දා  පිළියන්දල සුවාරපොළදී සිදුවූ වෙඩි තැබීම දකුණේ පාතාල නායකකයකු වන මධුෂ් සහ දැනට මරණ දඬුවම හිමිවී බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදාගේ සැලසුමකට අනුව එල්ල වූ ප්‍රහාරයක්‌ බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස්‌ කොස්‌තාපල් චමින්ද අබේවික්‍රම මියගිය අතර මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රවීණ නිලධාරියකු වූ පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව සහ පොලිස්‌ කොස්‌තාපල්  චමින්ද යන නිලධාරීහු බරපතළ තුවාල ලැබුවා.

වෙඩි වැදීමෙන් පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතාගේ උරස්‌ ප්‍රදේශයට සහ හිස ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවන ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. තුවාල ලැබූ පොලිස්‌ කොස්‌තාපල් චමින්ද ජාතික රෝහලේ 72 වාට්‌ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතා සහ පොලිස්‌ කොස්‌තාපලවරයා ප්‍රතිකාර ලබන රෝහල් වාට්‌ටුවලට විශේෂ ආරක්‍ෂාවක්‌ යෙදවීමට ද පොලිසිය පියවර ගෙන තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad