මොලිවුඩ්, ටොලිවුඩ් සහ කොලිවුඩ් සිනමාවන් ගැන දැනගනිමු ද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 2, 2018

මොලිවුඩ්, ටොලිවුඩ් සහ කොලිවුඩ් සිනමාවන් ගැන දැනගනිමු ද?

ලංකාවෙ සිනමා රසිකයො ගත්තොත් වැඩි හරියක්ම ඉන්නෙ හොලිවුඩ් සහ බොලිවුඩ් සිනමා රසිකයො තමයි. කොලිවුඩ්, එහෙමත් නැත්නම් දමිල චිත්‍රපටි බලන අයත් යම් පමණකට ඉන්නවා. හැබැයි එතැනින් එහාට අපේ අසල්වැසි ඉන්දියාවෙ තියන වෙනත් සිනමා කර්මාන්ත ගැන බහුතරේකගෙ දැනුම සෑහෙන අඩුයි. වැඩි දෙනෙක් නොදන්නව උනාට මොලිවුඩ් (මලයාලම්) සහ ටොලිවුඩ් (තෙළිඟු) සිනමාවලුත් මේ වෙද්දි සෑහෙන ඉදිරියට ඇවිත් තියනවා. ඒ වගේම බොලිවුඩය පවා පරදවන සුපිරි සිනමා නිර්මාණ ඒ සිනමාවල් ඇතුලේ බිහි වෙනව.
අපි මේ ලිපියෙන් උත්සාහ කරන්නේ කොලිවුඩය, ටොලිවුඩය සහ මොලිවුඩය ගැන ඔබේ දැනුමට යමක් එකතු කරන්නටයි.
1. අර වුඩ්, මේ වුඩ්… කොහොමද මේ නම් හැදුනෙ?

Source – mapsofindia.com

කොලිවුඩ් – දමිල සිනමාව කේන්ද්‍ර වෙලා තියන චෙන්නායිහි “කොඩම්බක්කම්” කියන ප්‍රදේශය හින්දා තමයි කොලිවුඩ් කියන නාමය පටබැඳිල තියෙන්නෙ. දමිල සිනමාවට සම්බන්ධ ප්‍රධානම චිත්‍රපට ස්ටූඩියෝ ස්ථානගත වෙලා තියෙන්නෙ මේ ප්‍රදේශයේ තමයි.
ටොලිවුඩ් – හින්දි සිනමාව බොලිවුඩ් කියල හඳුන්වන්න පටන් ගන්නත් සෑහෙන කාලයකට කලින් තමයි ටොලිවුඩ් සිනමාව ඉන්දියාවෙදි බිහිවෙන්නෙ. හැබැයි මුලින්ම ටොලිවුඩ් නමින් හඳුන්වල තියෙන්නෙ දැන් ජනප්‍රිය තෙළිඟු සිනමාව නම් නෙමෙයි. “ටොලිගුන්ජ්” කියන ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන බිහිවෙච්ච බෙංගාලි සිනමාව තමයි මුල් කාලෙදි ටොලිවුඩ් නමින් හඳුන්වලා තියෙන්නෙ. හැබැයි මේ වෙද්දි නම් ටොලිවුඩ් කිවුවම් කවුරුත් දන්නෙ තෙළිඟු බස නිසා ටොලිවුඩ් වුණ, හයිද්‍රාබාද්, තෙලංගනා කේන්ද්‍ර කරගත්ත තෙළිඟු සිනමාව තමයි.

මොලිවුඩ් – කේරළය කේන්ද්‍ර කරගෙන පවත්වාගෙන යන මේ සිනමා කර්මාන්තය මලයාලම් බසින් යුතු චිත්‍රපට තමයි නිර්මාණය කරන්නේ. මලයාලම් නම කෙටි කරල යොදාගැනීමෙන් තමයි මලයාලම් සිනමාව මොලිවුඩ් වෙලා තියෙන්නෙ.
2. මොකක්ද වඩාත්ම හොඳ?

Source – moviegalleri.net, goldmovies.org, filmilive.com

කොලිවුඩ් (Kollywood), ටොලිවුඩ් (Tollywood) සහ මොලිවුඩ් (Mollywood) සිනමාවන් අතරින් මොකක්ද වඩාත්ම හොඳ කියන එක තම තමන්ගෙ රසිකත්වය මත තීරණය වෙන එකක්. මේ සිනමා කර්මාන්ත තුන අතරින් බොහොම මෑතක් වෙනකන්ම ජනප්‍රියතාවයෙනුත්, ලාභ ඉපයීම අතිනුත් ඉදිරියෙන් හිටියෙ දමිල කොලිවුඩ් සිනමාව තමයි. හැබැයි මේ වෙද්දි කොලිවුඩය අභිබවා යන තරම් ඉදිරියට එන්නට ටොලිඩුඩ් තෙළිඟු සිනමාවට හැකිවෙලා තියනවා. ඉතාම දැවැන්ත මුදල් යොදවල කරන අන්තර්ජාතික මට්ටමේ දැවැන්ත නිර්මාණ බිහි කරන්නට ටොලිවුඩය මේ වෙද්දි සමත් වෙලා තියනවා. ඊට හොඳම උදාහරණයක් හැටියට අපිට කියන්න පුළුවන් මෑතකදි අතිශය ජනප්‍රිය වෙච්ච “බාහුබලී” චිත්‍රපට දෙක. කොලිඩුව් සිනමාව කියන්නෙ වාණිජ සහ කළාත්මක සිනමා නිර්මාණ වල මිශ්‍රණයක් හැටියට අපිට පෙන්නල දෙන්න පුලුවන්. හැබැයි ටොලිවුඩ් තෙළිඟු සිනමාව නම් මුළුමනින්ම පාහේ වාණිජ පැත්තට බරවුණ සිනමාවක්. මලයාලම්, එහෙමත් නැත්නම් මොලිවුඩ් සිනමාව මේ දෙකට වඩා වෙනස් ගමනක් යන සිනමාවක්. මේ අයගෙ අති විශාල බජට් එකක් යොදවල කරන දැවැන්ත නිර්මාණ කෙරෙන්නේ නැතිම තරම්. හැබැයි මේ අය බොහොම සාර්ථක සහ යථාර්ථයට ළඟ තිර පිටපත් සහිතව ආකර්ශනීය සිනමා නිර්මාණ බිහි කරන්න රුසියො. ඒ හින්දම ලොකු බජට් නැති වුණත් මේ අයගෙ චිත්‍රපටය හොඳහැටි ජනප්‍රිය වීමත්, ලාභ ලැබීමත් සිදු වෙනව.
3. ඒ ඒ සිනමාවෙ ආරම්භය

Source – wikipedia.org

කොලිවුඩ්
20 වැනි ශතවර්ශයේ දෙවැනි දශකයේදී විතර දමිල සිනමාවේ ආරම්භය සිද්ධ වුණා කියල සලකන්න පුළුවන්. 1918දී තිරගත කෙරුණු නිහඬ චිත්‍රපටයක් වුණ “කීචක වාදම්” චිත්‍රපටය දමිල සිනමාවේ මුල්ම චිත්‍රපටය හැටියට හඳුන්වන්න පුළුවන්. දමිල සිනමාවේ පියා හැටියට විරුදාවලිය ලත් නටරාජා මුඩ්ලියර් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ. මේ චිත්‍රපටය මහාභාරත කතාව ඇසුරින් නිර්මාණය කරන ලද්දක්. ඒ විදිහට ඇරඹුනු දමිල සිනමා කර්මාන්තය ඇතුලේ මුල් කාලෙදි වැඩි වශයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නෙ මිත්‍යා කථා, දේව කථා, ඉතිහාස කතා ආදිය රැගත් චිත්‍රපට තමයි.
ටොලිවුඩ්
1921 දී තමයි තෙළිඟු සිනමාවේ මුල්ම නිහඬ චිත්‍රපටය බිහිවෙන්නෙ. ඒකෙ නම තමයි “භීෂ්ම ප්‍රතිඥා”.  මේකත් මහාභාරත කථාව සම්බන්ධ සිනමා නිර්මාණයක්. මේ චිත්‍රපටය හදපු “රඝුපති වෙන්කයියා නායිදු” තමයි තෙළිඟු සිනමාවේ පියා හැටියට සළකන්නෙ. කොලිවුඩයේ වගේම ටොලිවුඩයෙත් මුල් අවධියේ චිත්‍රපටය සියල්ලක්ම පාහේ ආගමික සහ පුරාණ කතන්දර රැගත් චිත්‍රපට තමයි.
මොලිවුඩ්
ව්‍යාපාරිකයෙක් වෙච්ච ජේ. සී. ඩැනියෙල් තමයි මලයාලම් සිනමාවේ පියා හැටියට සැලකෙන්නෙ. ජේ. සී. ඩැනියෙල් අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් විතරක් නෙමෙයි, ප්‍රධාන චරිත රංගනයෙනුත් දායක වෙලා 1928දි හදපු “විගතකුමාරන්” කියන නිහඬ චිත්‍රපටය තමයි මුල්ම මලයාලම් චිත්‍රපටය හැටියට ඉතිහාසගත වෙන්නෙ. මේ චිත්‍රපටය විශේෂ වෙන කාරණා කිහිපයක් තියනවා. ඉන් ප්‍රධානම කාරණාව තමයි ඒ කාලෙ ඉන්දීය සිනමාව ඇතුළේ දේවකථා, ඉතිහාස කථා බිහිවෙද්දි මලයාලම් සිනමාවේ පළමු චිත්‍රපටය සමකාලීන සමාජයේ සිදුවීමක් පාදක කරගෙන හදපු චිත්‍රපටයක් වීම. මේ කතාවට ශ්‍රී ලංකාවෙ නමත් ගෑවෙනව. මොකද මේ චිත්‍රපටයේදි පැහැරගැනීමකට ලක්වෙන දරුවෙක්ව ගෙනියන්නෙ ලංකාවට නිසා.
4. ජනප්‍රියත්වයට ළඟාවීම

Source – wikipedia.org

කොලිවුඩ්
දමිල සිනමාවේ මුල්ම කතානාද චිත්‍රපටය වෙන “කාලිදාස්” චිත්‍රපටය තිරගත වෙන්නේ 1931 වර්ෂයේදීයි. මෙය සුප්‍රකට කවියෙක් වුණු කාලිදාසගේ ජීවිත කතාව ඇසුරින් තනන ලද්දක්. අපි කලිනුත් කිවුවා වගේ ඉතිහාස කතා, දේවකතා ආදිය බහුලව සිනමාවට නැගුණ මුල් කාලීන කොලිවුඩ් චිත්‍රපටයක් ඇතුලේ ගීත විස්සක් තිහක්ම ඇතුළත් වෙලා තියනවා. දමිල සිනමාව වෙනස් කරපු චිත්‍රපටය හැටියට හඳුන්වන්න පුළුවන් චිත්‍රපටය තමයි එස්. එස්. වාසන් විසින් 1948දි නිර්මාණය කරපු “චන්ද්‍රලේඛා” චිත්‍රපටය. දැවැන්ත මුදලක් යොදවල නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය ඉතිහාස කතාවක් රැගත් එකක්. මේ චිත්‍රපටය ආදායම් වාර්තා තියල දකුණු ඉන්දියාවේ තිරගත වෙන්න විතරක් නෙමෙයි, උතුරු ඉන්දියාවේදි හින්දි බසින් නැවත නිර්මාණය වෙන්න තරම් ජනප්‍රිය වෙනවා. 1956 දී තිරගත වෙච්ච “අලිබබාවුම් 40 තිරුඩාගාලුම් (අලි බබා සහ හොරු 40)” තමයි දමිල සිනමාවේ මුල්ම සම්පූර්ණ වර්ණ චිත්‍රපටය හැටියට ඉතිහාසගත වෙන්නෙ.
ටොලිවුඩ්
1931 දි තිරගත කෙරුණු එච්. එම්. රෙඩ්ඩිගේ “භක්ත ප්‍රහ්ලාද” කියන ආගමික තේමාවකින් යුතු චිත්‍රපටය තමයි ටොලිවුඩයේ මුල්ම කථානාද චිත්‍රපටය හැටියට ඉතිහාසගත වෙන්නෙ. මේ චිත්‍රපටය තිරගත කල දවස වෙන සැප්තැම්බර් 15 වැනිදා තමයි තෙළිඟු සිනමා දිනය හැටියට අදටත් සමරනු ලබන්නෙ. 1934 දී තිරගත කරපු “ලවකුස” නැමැති රාමායන කථාව තමයි මුල් කාලයේ ආදායම් අතින් සාර්ථකම ටොලිවුඩ් චිත්‍රපටයක් හැටියට සලකන්නෙ. මුලදී ආගමික සහ පුරාවෘත්ත තේමා කරගෙන නිර්මාණය වුණ තෙළිඟු චිත්‍රපට වලින් යුතු ටොලිවුඩයේ 40 දශකය විතර වෙනකොට සමකාලීන සමාජ ප්‍රශ්න තේමා කරගෙනත් චිත්‍රපටත් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. 1951 වර්ෂයෙදි තිරගත කෙරුණු “මල්ලිස්වරී” සහ “පතල භෛරවී” යන චිත්‍රපට තෙළිඟු සිනමාවට ජාත්‍යන්තර අවධානය යොමු කරවන්නටත් සමත් වෙනවා. 1934 දී නිර්මාණය කරපු ලවකුස චිත්‍රපටයේ නැවත නිර්මාණයක් වුණ 1963 ලවකුස චිත්‍රපටය තමයි මුල්ම ටොලිවුඩ් වර්ණ චිත්‍රපටය හැටියට ඉතිහාසගත වෙන්නේ.
මොලිවුඩ්
මලයාලම් සිනමාවට මුල් කාලයේදී ගෙවන්න වෙන්න තරමක් අවාසනාවන්ත කාල පරිච්ඡේදයක්. ජේ. සී. ඩැනියෙල් නිර්මාණය කරපු මුල්ම මලයාලම් චිත්‍රපටය වුණ විගතකුමාරන් ආදායම් අතින් අසාර්ථක වෙනවා. ඒ වගේම ඒ චිත්‍රපටයට නිළියක් යොදාගැනීම නිසා ඒ කාලෙ සමාජයෙන් දෝෂාරෝපණත් එල්ල වෙනවා. දෙවැනි මලයාලම් චිත්‍රපටය හැටියට 1933 දී නිර්මාණය වුණ “මාර්තන්ඩ වර්මා” චිත්‍රපටයට අයිතිය සම්බන්ධ නීතිමය ප්‍රශ්න මතුවෙන නිසා එය ප්‍රදර්ශනයෙන් ඉවත් කරගන්නට සිද්ධ වෙනවා. මුල් කාලයේදී මලයාලම් චිත්‍රපටි වලට නිෂ්පාදනයෙන් දායක වෙන්නේ දමිල නිෂ්පාදකයිනුයි. මුල්ම කථානාද මලයාලම් චිත්‍රපටය වන “බාලන්” චිත්‍රපටය 1938 දී තිරගත කෙරෙනවා. මේ චිත්‍රපටය දමිල චිත්‍රපට වල ආභාෂය ලබා නිර්මාණය වුණ චිත්‍රපටයක්. ආදායම් අතින් සාර්ථක වෙන්න මේ චිත්‍රපටය සමත් වෙනවා. 1951 දී තිරගත කෙරුණු “ජීවිත නෞකා” චිත්‍රපටය තමයි මලයාලම් සිනමාවේ මුල්ම සුපර් හිට් චිත්‍රපටය හැටියට සැලකෙන්නේ. 1961දී තිරගත කෙරුණ “කාණ්ඩාම් බෙචා කොට්ටු” චිත්‍රපටය තමයි මුල්ම වර්ණ මලයාලම් චිත්‍රපටය වන්නේ.
5. ආදායම් අතින් සාර්ථකම චිත්‍රපටි

Source – pinterest.com, wikipedia.org, imdb.com

කොලිවුඩ්
කොලිවුඩයෙ බොක්ස් ඔෆිස් රජු හැටියට නම් කරන්න පුළුවන් සුපර්ස්ටාර් රජිනි කාන්ත්ව තමයි. රජිනිගෙ හැම චිත්‍රපටයක් වගේම සුපර් හිට්ස්. ඒ තරින් එන්තිරන් (රොබොට්), සිවාජිචන්ද්‍රමුඛීපඩයප්පා වගේ චිත්‍රපටි ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ. ඊට අමතරව දැනට කොලිවුඩයේ ඉන්න අනික් සුපිරි තරුව වෙන කමලා හසනුත් රංගනය අතින් වගේම ආදායම් වාර්තා අතිනුත් ඉදිරියෙන්ම තියන චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වෙලා තියනවා ඉන්දියන්දසාවතාරම් කියන්නෙ ඉන් ප්‍රධාන චිත්‍රපට දෙකක්. මීට අමතරව ගිල්ලිතුපක්කිවගේ චිත්‍රපට වල රඟපාපු විජේත්, වේදාලම් වගේ ආදායම් අතින් සාර්ථක චිත්‍රපට වල රඟපාපු අජිත්ගේ චිත්‍රපටත් කොලිවුඩයේ ඉතාම ඉහල ජනප්‍රියත්වයන් ලබාගන්නා ඒවා තමයි.
ටොලිවුඩ්
තෙළිඟු සිනමාව ගත්තහම එස්. එස්. රාජමෞලිගේ චිත්‍රපට තමයි ආදායම් වාර්තා පිහිටුවීමට මේ වෙද්දි ඉතාම ප්‍රසිද්ධ. රාජමෞලිගෙ බාහුබලී 1 සහ2, මඝධීරා වගේ චිත්‍රපට එතෙක් මෙතෙක් ආදායම් වාර්තා පිහිටවපු ටොලිවුඩ් සිනමා නිර්මාණ අතරින් ඉදිරියෙන්ම තියනවා. මීට අමතරව චිරන්ජීවී රඟපාන, වී. වී. විනායක්ගෙ කිලාඩි 150, මහේෂ් බාබු සහ ශෘති හසන් රංගනයෙන් දායක වෙන “ස්රීමන්තුඩු” වගේ චිත්‍රපට ඉහල ආදායම් උපයන්න සමත් වෙලා තියනවා. මේ තියෙන්නෙ පහුගිය වකවානුවෙදි වැඩිම ආදායම් උපයන්න සමත්වුණ ටොලිවුඩ් සිනමා නිර්මාණ ලැයිස්තුවක්.
මොලිවුඩ්
ඉහල ආදායම් වාර්තා රැස් කරපු මොලිවුඩ් චිත්‍රපට අතරින් බහුතරයක්ම චිත්‍රපට වල ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වෙන්නේ මෝහන් ලාල් තමයි. අපේ ධර්ම යුද්ධය චිත්‍රපටයට පාදක කරගත්ත ද්‍රිශ්‍යම්පුලිමුරුගන්ඔප්පම් වගේ චිත්‍රපට ඒ අතරින් විශේෂයි. මීට අමතරව ප්‍රේමම්Two CountriesThe Great FatherBangalore Days වැනි චිත්‍රපටත් ආදායම් අතින් ඉහල සාර්ථකත්වයක් ලබන්න සමත්වෙලා තියනවා.
6. හොඳම චිත්‍රපටි

Source – wikimedia.org, madaboutmoviez.com

කොලිවුඩ්
සුපර් ස්ටාර් රජිනි කාන්ත් ඉහල ආදායම් වාර්තා තියන චිත්‍රපට වලට ප්‍රසිද්ධයි වගේම කමලා හසන් ප්‍රසිද්ධ වෙන්නේ දමිල සිනමාවේ එතෙක් මෙතෙක් විශිෂ්ටම සිනමාපට අතරින් වැඩි ප්‍රමාණෙකට දායක වුණ තරුවක් හැටියටයි. ඔහුගේ නායගන්ගුණාඅන්බේ සිවම්මූන්ඩ්‍රම් පිරෛ වැනි චිත්‍රපටි අනිවා නැරඹිය යුතු චිත්‍රපටි හැටියට අපි රෙකමදාරු කරන්න කැමතියි. ඒ වගේම තමයි විශිෂ්ට අධ්‍යක්ෂක මනි රත්නම්ගේ චිත්‍රපටත්‍යාගරාජන් කුමාරරාජා වගේ නව පරපුරේ අධ්‍යක්ෂකවරුත් මේ වෙද්දි දමිල සිනමාවට වෙනසක් ගේන නිර්මාණ කරමින් ඉන්නවා.
ටොලිවුඩ්
දමිල සහ මලයාලම් සිනමාවට සාපේක්ෂව තෙළිඟු ටොලිවුඩ් සිනමාව ඇතුළේ සාර්ථක තිර රචනා අඩුයි කියලයි අපිට හිතෙන්නේ. ඔවුන්ගේ මුල් තැන හිමිවෙන්නේ වාණිජමය අතින් සාර්ථකත්වයක් ලබන්න පුලුවන් වෙනත් අමුද්‍රව්‍ය කෙරෙහියි. ඒ නිසා සිනමා කෘතියක් හැටියට හොඳම තෙළිඟු චිත්‍රපට හැටියට වැඩි හරියක් අපිට දක්වන්න වෙන්නෙ පැරණි චිත්‍රපටයි. මෑත කාලීන චිත්‍රපට අතරින් පොකිරිගම්‍යම්අර්ජුන් රෙඩ්ඩිදෘවා වගේ චිත්‍රපට නම් කරන්න පුළුවන්.
මොලිවුඩ්
ටොලිවුඩ් සහ කොලිවුඩ් සිනමාවට සාපේක්ෂව මොලිවුඩ් සිනමාවේ සාර්ථක කථා වස්තු මූලික කරගෙන හැදෙන අන්තර්ගතය අතින් ඉහල චිත්‍රපට වැඩිපුර දකින්න ලැබෙනවා. ප්‍රේමම්Bangalore Daysමනිචිත්‍රතාසුඔරු වඩක්කන් වීරගතාTrafficද්‍රිශ්‍යම්1983 වගේ චිත්‍රපට අපිට ඉහලින්ම රෙකමදාරු කරන්න පුළුවන්. මීට අමතරව සොඳුරු මලයාලම් සිනමාව හා අසිරිමත් කේරළය ෆේස්බුක් සමූහයට එකතු වුණොත් අලුත් පැරණි මලයාලම් චිත්‍රපට රැසක් ගැන තොරතුරු දැනගන්නටත්, ලංකාව පුරා විසිරී පැතිරී සිටින මලයාලම් චිත්‍රපට ලෝලීන් හා හරවත් සංවාද ගොඩනගා ගන්නටත් ඔබට හැකියාව ලැබෙයි.
7. සිනමා තරු සහ දැවැන්තයෝ

Source – wikipedia.org, bfi.org.uk, onlookersmedia.in

කොලිවුඩ්
කොලිවුඩ් සිනමා නළු නිළියන් ගැන කතා කරද්දි අපේ මතකයට මුලින්ම නැගෙන නම් දෙක තමයි රජිනි කාන්ත් සහ කමලා හසන්. ඒ වගේම සිහියට එන තවත් දෙදෙනෙක් තමයි එම්. ජී. රාමචන්ද්‍රන් සහ සිවාජී ගනේෂන් කියන අතීත දමිල සිනමාවේ බලකණු දෙක. ජෙමිනි ගනේෂන්නාගේෂ්, වගේ පැරැණ්නෝ වගේම අජිත්, විජේ, මාධවන්, වික්‍රම්, සූර්යා, ධනුෂ් වගේ පසු කාලීන නළුවන්ගේ නමුත් මෙතැනදී සඳහන් කරන්න ඕනෙ. නිළියන් ගැන කියද්දි ශ්‍රීදේවි, රේවතී, සාවිත්‍රි, කුෂ්බූ, නග්මා, මධූ, මීනා, ජෝතිකා, සිම්රන්, ට්‍රිෂා, අසින්, ටමන්නා වගේ නම් සඳහන් කරන්න පුළුවන්.
සිනමා අධ්‍යක්ෂකවරු ගැන කියද්දි මනි රත්නම්කේ. බාලචන්දර්, බාලු මහේන්ද්‍ර, ගෞතම් මෙනොන්, එස්. ශංකර් වගේ නම් අපිට අමතක කරන්න බැහැ. ඒ වගේම ඒ. ආර්. රහ්මන් සහ ඉලෙයරාජා වැනි ශූර සංගීතඥයින්ගෙන් ලැබුණු ආලෝකයත් දමිල සිනමාව ගැන කතා කරද්දි නොකියම බැහැ.
ටොලිවුඩ්
අතීතයේ පටන් තෙළිඟු සිනමාවට කැපී පෙනෙන මෙහෙවරක් කරපු නළුවන් හැටියට එන්.ටී. රාමා රාඕඑස්. වී. රන්ග රාඕචිරන්ජීවිබාලක්‍රිෂ්ණානාගාර්ජුනාපවන් කල්‍යාණ්මහේෂ් බාබුරාමා රාඕ ජුනියර් යන අයවත්, නිළියන් හැටියට සාවිත්‍රී, අංජලී දේවී, භානුමතී, ජයප්‍රදා, ශ්‍රී දේවි, අනුෂ්කා ෂෙට්ටි, කාජල් අග්ගර්වාල්, සමන්තා, ඉලේනා ඩි කෘස් වැනි නිළියන්වත් නම් කරන්න පුළුවන්. කැපී පෙනෙන අධ්‍යක්ෂකවරුන් හැටියට කාසිනාතුනි විශ්වනාත්එස්. එස්. රාජමෞලික්‍රිෂ් ව නම් කරන්න පුළුවන්. ඉලයරාජා සහ ඒ. ආර් රහ්මන් වැනි සංගීත අධ්‍යක්ෂකවරුන් ටොලිවුඩ් සිනමාවෙත් වැඩ පෙන්නලා තියනවා. ටොලිවුඩ් සිනමා සංගීතය ගැන කතා කරද්දි එස්. පී. බාලසුබ්‍රමනියම් සහ දේවි ශ්‍රී ප්‍රසාද් යන සංගීතඥයින්වත් අමතක කරල බැහැ.
මොලිවුඩ්
මොලිවුඩ් සිනමාව ගැන කතා කරද්දි නිතැතින්ම මතකයට එන නළු නිළියන් පිරිසක් ඉන්නවා. මම්මූට්ටිමෝහන්ලාල්සුරේෂ් ගෝපිදුල්කර්නිවින්ඉන්ද්‍රජිත් වැනි නළුවනුත් ලක්ෂ්මීමංජු වොරියර්මීරා ජැස්මින්නයනතාරාපාර්වතීමම්තා මෝහන්දාස් වැනි නිළියනුත් විශේෂයි. කේ. එස්. සේතුමාධවන්රන්ජිත් බාලක්‍රිෂ්නන්පී. පද්මරාජන්අදූර් ගෝපාලක්‍රිෂ්ණන්ජීතු ජෝසප්අල්පොන්ස් පුත්‍රන්දිලීෂ් වැනි අධ්‍යක්ෂකවරුන්ද, ජී. දේවරාජන්ශාම් වැනි සංගීත අධ්‍යක්ෂකවරුන්ගෙන්ද මොලිවුඩ් සිනමාවට ලැබුණු දායකත්වය විශේෂයි.

………………………….harigossip.com ඇසුරෙනි……………………

No comments:

Post a Comment

Post Bottom Ad