දිරිය දියණියක් දෙනෝදාහක් මැද දූෂණය කල – නීතිඥවරුන්ගේ වෘත්තීය ආචාරධර්ම (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 16, 2017

දිරිය දියණියක් දෙනෝදාහක් මැද දූෂණය කල – නීතිඥවරුන්ගේ වෘත්තීය ආචාරධර්ම (Exclusive)


ඊයේ(15) දිනයේදී “බාර් එකේ වැඩකරලා – නීති උපාධිය සම්පූර්ණ කරපු – ලංකාවේ සරාගීම නීතිඥවරිය”  යන ශීර්ෂයෙන් යුතුව අප පළ කර පුවත ඉන් පසුව වෙබ් අඩවි ගණනාවක් විසින් උපුටාගෙන නැවත පළ කල අතර එම තරුණිය සමාජජාල මාධ්‍ය වල දැඩි ලෙස කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්විය. ඇය විසින් සිය instagram සමාජජාල ගිණුමේ පළ කල ජායාරූප ඇගේ සිරුරේ සරාගී බව පෙන්වන ඒවා වුවද එම ජායාරූප වලින් කිසිවිටෙකත් ඇයගේ පෞද්ගලික චරිතය ගැන විනිශ්චයක් ලබාදීමට අපට හැකියාවක් නොමැත. සිය ආර්ථික අපහසුතා මැද ඇය ආ ගමන රටක් වශයෙන් අප අගය කල යුතුය.

තත්වය එසේ තිබියදී, ඊයේ දිනයේ සංජීව දලුවත්ත නම් නීතිඥවරයෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ සිදුකල ප්‍රකාශණයක් මගින් පෙර සඳහන් කල තරුණියගේ පෞද්ගලික චරිතයට දැඩි හානියක් සිදුකර ඇතැයි යන්න අපගේ අදහසයි. සිය වෘත්තියේ ආචාර ධර්ම ගැන දක්වමින් එම අදහස් පළ කලද පෙර කී තරුණිය “වලත්ත, වෙසඟනක්” ලෙස හංවඩු ගැසීම බුද්ධිමත් යැයි සැළකෙන නීතිඥවරුන් පාහර, සල්ලාල, කුඩුකාරයින්ගේ තත්වයෙනුත් පහළට වැටීමක් බව අප සංජීව දලුවත්ත මහතාට දැනුම් දෙන්නෙමු.

බිකිණිය අදින, කළවා පෙන්නන, පියයුරු පෙන්වන යුරෝපානු තරුණියෝ බොහෝ දෙනෙකු වේසියන් නොවේ. ඔවුන් අතරින් සමහරෙක් නීති උපාධිය පමණක් නොව ඉන් එහාට ගිය අධ්‍යාපනයක් ඇති අයවේ. නමුත් ලංකාවේ ළිං ගෙම්බන් රටේ කරුමයට වෛද්‍යවරුන්, නීතිඥයින් වීම නිසා උන්ගේ මෝඩ කතා අසා සිටීමටත් උන්ගේ විකාරරූපී ආචාර ධර්ම ප්‍රශ්ණ නොකර සිටීමටත් රටේ බහුතර ජනතාවට සිදුවී තිබේ.

සිය සැමියා නිදහස් කර ගැනීමට විනිසුරුවරයා අතින් දූෂණය වීමට සිදුවූ කාන්තාවන් සිටින රටක, අගවිනිසුරුවරු  ඇඳ උඩ දැමිය යුතු සෙල්ලම් පාර්ලිමේන්තු පාරේ මෝටර් රථ තුල දැමූ රටක  නීතිඥවරුන් පළමුව සෙවිය යුත්තේ බිකිණි අදින කෙල්ලගේ ආචාරධර්මානුකූලතාවය යැයි යමෙකු විශ්වාස කරන්නේ නම් ඌ පිස්සෙක්ය. සිය කැපවීමෙන් ජීවිතය ජයගත් ලක් මවගේ තවත් එක්  ධෛර්යයවන්ත දියණියක් සමාජජාල තුල දෙනෝදාහක් මැද නරක ගැහැනියක් ලෙස හංවඩු ගැසීමට වෙර දරන  මෙවන් රටට පිළිලයක් වූ නීතිඥයින් යැයි කියාගන්නා පිම්පියන් සමාජයෙන් කොන් කල යුතුය යන්න අපේ අදහසයි.

Vigasapuwath පළ කල පුවත සහ පෙරකී නීතිඥවරයා දක්වා තිබූ අදහස් සහ ඊට එරෙහිව ෆෙස්බුක් සමාජජාලයේ පළ කර තිබූ අදහස් කිහිපයක් පහතින් දැක්වේ.




 

  


   

No comments:

Post a Comment

Post Bottom Ad