Exclusive : යන්න වෙනම වාහනයක් තියෙන – ඉන්දියාවේ තෑගි දිනපු – සෙන්දිල් තොන්ඩමාන්ගේ පට්ටි ගොනා මෙන්න (PHOTOS & VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

Exclusive : යන්න වෙනම වාහනයක් තියෙන – ඉන්දියාවේ තෑගි දිනපු – සෙන්දිල් තොන්ඩමාන්ගේ පට්ටි ගොනා මෙන්න (PHOTOS & VIDEO)

මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යවරයෙකු මෙන්ම වතුකරයේ ප්‍රභල දේශපාලන නායකයෙකු වන සෙන්දිල් තොන්ඩමාන් රුපියල් කෝටි ගණනක වත්කම් හිමි දේශපාලඥයෙකි. සෙන්දිල් ඇතුලු තොන්ඩමාන් පවුලේ වත්කම් බොහෝමයක් ඇත්තේ දකුණු ඉන්දියාවේ වන අතර ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාවට ඇල්මක් දක්වන දේශපාලන නායකයින්වේ.

පසුගිය පෙබරවාරි මාසයේ දකුණු ඉන්දියාවේ පැවති Alanganallur jallikattu නම් ගොන් පොර තරඟාවලියකින් ඉන්දියාවේ බොහෝ ගොන්නුන් පිරිසක් පරදා ජයග්‍රහණය කිරීමට සෙන්දිල් තොන්ඩමාන් මහතාට අයිති ගොනෙක් සමත්වී තිබේ. කාලාන්තරයක් පුරාම දකුණු ඉන්දියාවේ පෙරකී ගොන්පොර තරඟයට සෙන්දිල් තොන්ඩමාන් ඇතුලු තොන්ඩමාන් පවුලේ සාමාජිකයින්ට අයත් ගොන්නුන් කිහිප දෙනෙකුම තරඟ වැදී තිබේ.

සෙන්දිල්ගේ මෙම ගොනාට විශේෂ සැලකිලි හිමිවන අතර ගොනාට ගමනාගමනයේ යෙදීම සඳහා විශේෂයෙන් සකස් කල ලොරි රථයක්ද හිමිය. එම ගොනාගේ ජායාරූප කිහිපයක් සහ දකුණු ඉන්දීය මාධ්‍ය එම ගොනාගේ ජයග්‍රහණය වාර්තා කල අයුරු දැක්වෙන වීඩියෝවක් පහතින් දැක්වේ.





No comments:

Post a Comment

Post Bottom Ad