‘රනිල් -සබිතා’ බදු ගිවිසුම අහෝසි කළ යුතුයි! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

‘රනිල් -සබිතා’ බදු ගිවිසුම අහෝසි කළ යුතුයි!

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නමට අගමැතිවරයා තම ගජ මිතුරාගෙන් ලබාගත් ගොඩනැගිල්ලේ බදු ගිවිසුම් අවසන් කළ යුතු බව ‘දූෂණ විරෝධි පෙරමුණ’ පවසයි. එම පෙරමුණ විසින් ඊයේ (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියෝ මේ බව සඳහන් කළහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2016 පෙබරවාරි 17 දින කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරනු ලැබූ සංදේශයට අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහා රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් කුලී බදු පදනම මත ලබාගෙන ඇති බවත්   ඩී.පී. ජයසිංහ සහ සමාගම සතු අංක 288, ශ්‍රී ජයවර්ධනපුර පාර, කෝට්ටේ හි පිහිටි මෙම ගොඩනැගිල්ල ‘සබීතාගේ ගොඩනැගිල්ල’ ලෙස ජනතාව හදුන්වන බවත් උන්වහන්සේ පෙන්වා දුන්නේය.

දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ‘ගොවිජන මන්දිරය’ පාර්ලිමේන්තුවට පවරාදීම අගමැතිවරයාගේ යෝජනාව විය.

‘සබීතාගේ ගොඩනැගිල්ල’ :

අගමැතිවරයා සිය ගජ මිතුරාගේ ගොඩනැගිල්ලට බදු මුදලින් කුලී ගෙවමින් එය ප්‍රයෝජනයක් නොගෙන සිටින්නේ යැයි පැවසු සුමංගල හිමියන් වසා දමා ඇති ගොඩනැගිල්ලට දැන් ‘ගොවි ජන මන්දිරයටත් වැඩි විදුලි බිලක් ගෙවන්නේ යැයි ද පැවසීය. එම යෝජනාවට 2016 මාර්තු 2 දින කැබිනට් අනුමැතිය හිමි විය.

ඒ අනුව අදාළ ගොඩනැගිල්ලට මාසිකව රු මිලියන 23.5 ක බදු මුදලක් ගෙවනු ලබන නමුත් එහි පරිහරණ සිදු කරනු නොලබන බව දූෂණ විරෝධී පෙරමුණ අවධාරණය කරයි.

විකෘති කරනු ලැබූ තොරතුරු :

විවිධ දේශපාලන න්‍යාය පත්‍රයන් සහිත කණ්ඩායම් මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් විකෘති කරනු ලැබූ තොරතුරු ප්‍රචාරයක කරනු ලබයි. නමුත්, සත්‍ය නම් කාර්යාලයක් පවත්වාගෙන යා නොහැකි ගොඩනැගිල්ලක් බදු ගෙන වසා දමා තිබීම සදහා රජයේ බදු මුදල් අති විශාල මුදලක් වැය වන බව එම පෙරමුණ පෙන්වා දෙයි.

දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය විදුලි බලය සදහා වැයකරන මුදලට වඩා වැඩි මුදලක් මෙම වසා දමා ඇති ගොඩනැගිල්ලේ විදුලි බිල ලෙස රජය විසින් ගෙවා දමන බව පෙන්වා දුන් පුජ්‍ය උලපනේ සුමංගල හිමියෝ වැඩිදුරටත් සඳහන් කළේ, දේශපාලන අවශ්‍යතාව මත නාමිකව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහා යැයි පවසමින් ලබාගත් ගොඩනැගිල්ල සදහා තවදුරටත් බදු ගෙවීම අනවශ්‍ය මුදල් නාස්තියක් බැවින් මේ පිළිබදව වන බදු ගිවිසුම අහෝසි කිරීම සදහා කටයුතු කළ යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad