පොළොස් කියන්නේ, අපි හැමෝම ගොඩක් කැමති රස කෑමක්. පොලොස් ඇඹුල් බවට පත්වෙන්න හරිගස්සන්න... අපි දැන ගන්න ඕනෙ.පොලොස් ඇඹුලට අපි දාන තුනපහ වර්ග හරියට වැටෙන්නත් ඕනේ. පෙෂර් කුකර් එකේ පොළොස් ටික දාල තුන් පාරක් 'චූස්' ගෑවට පස්සෙ ලිප නිවල පියන ඇරල ගන්න ව්‍යාංජනය.... ඒක පොළොස් ඇඹුල නෙමේ.
පොළොස් ඇඹුල කියන්නේ, භාජනයේ ඉඳලා ලිපේ ගින්දර කළමනාකරණයේ ඉදලා කරන්න ඕන දෙයක්. උදාහරණයක් විදියට තුනපහේ එක්ක පොලොස් ටික හට්ටියක දාලා ලිපේ තියල මේක ඉස්සල්ල අපි පැහෙන්න අරිනවා. පැහුනට පස්සේ ගින්දර අඩු කරල එක්තරා වෙලාවක මේකට මිටිකිරි දාල මේක තවවෙලාවක් තියනවා.
ඊට පස්සේ මේක පැය 6ක් 8ක් විතර ගින්දර අඩු කරල ඇඹුල් වෙන්න අරින්න ඕනෙ. මේ ඇඹුල දිවට දැනෙන ඇඹුල නෙමේ.
මෙහෙම හරි විදියට පොලොස් ඇඹුලක් හදා ගත්තොත් ............
1. අපේ රුධිරයේ තිබෙන ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්න පුළුවන්.
2.අක්මාගත රෝගවලට උත්තරයක් නිර්මාණය කරන්න පුළුවන්.
3. ඩෙංගු වැනි බෝවන රෝගවලට ඔරොත්තු දෙන ප්‍රතිශක්තියක් නිර්මාණය කරන්න පුළුවන්.
4.යම් යම් තැන්වල පිළිකා හොඳ කරන්නත් පොලිස් ගෙඩිය යොදා ගන්නවා ඇතැම් දේශීය වෛද්‍යවරු.
අදහස - ඉංගිරිය ආයුර්වේද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දිනේෂ විද්‍යාරත්න මහතා.
සටහන - නාමල් බුද්ධික
Thursday, May 11, 2017
පොළොස් ඇඹුලක් හරියට හදල කෑවොත් ශරීරයට වන දේ ඇහුවොත් ඔබ පුදුම වේවි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment