හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමට යාමේදී නාඩි වැටෙනු දැක පසුව රෝහල්ගත කළ කාන්තාවකගේ ජීවිතය බේරාගැනීමේ පුවතක් අතුරුගිරිය - හෝකන්දර - රත්නාරාම ප්‍රදේශයෙන් වාර්තා වනවා. අදාල නිවසේ ජීවත්ව සිට ඇත්තේ, 70 හැවිරිදි අදාල කාන්තාවත් 68 හැවිරිදි ඇගේ සැමියාත් පමණයි.
සැමියා විශ්‍රාමක ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරිවරයෙකු වන අතර ඔහු කලක පටන් දැඩි අසනීප තත්ත්වයෙන් පෙළී සිට ඇති බව සඳහන්. කෙසේ වෙතත් දින දෙකක් පුරාවට අදාල නිවැසියන් දක්නට නොලැබීම නිසාත් එම නිවස දෙසින් හමා ආ දුඟද නිසාත් ප්‍රදේශවාසීන් ඔවුන් පිළිබඳ පොලිසියට දැනුම් දී තිබෙනවා.
තලංගම - දකුණ හදිසි මරණ පරීක්ෂකවරිය සහ නුගේගොඩ පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරී සමඟ එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් නිවසේ දොරගුළු කඩා ඊට ඇතුළු වී තිබෙනවා. එහිදී ස්වාමි පුරුෂයා ඇඳ අසල බිම වැටී සිටි බවත් කාන්තාව නිවසේ කොටසක සිහිසුන්ව ඇද වැටී සිටි බවත් අප වාර්තාකරු සඳහන් කළා.
පසුව ඇද අසල වැටී සිටි සිටි විශ්‍රාමික පොලිස් නිලධාරිවරයා මිය ගොස් ඇති බවට තහවුරු කරගත් ඔවුන් අනතුරුව නිවසේ බිම වැටී සිටින කාන්තාව පරීක්ෂාවට ලක් කර තිබෙනවා. අනතුරුව ඇගේ අත අල්ලා බැලු නිලධාරීන් නාඩි වැටෙනු දැක සුව සැරිය ගිලන් රථයක් ආධාරයෙන් කොළඹ ජාතික රෝහල වෙත අදාල කාන්තාව රැගෙන එනු ලැබුවා.
ඒ අනුව ඇය මේ වන විට ජාතික රෝහලේ 72 වාට්ටුවේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබන බවයි එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ. මිය ගිය සැමියාගේ දේහය ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතයි.
ඡායාරූප - අයිරංගි එදිරිසිංහ - කඩුවෙල
Thursday, May 11, 2017
Home
ආරක්ෂක පුවත්
"මරණ පරීක්ෂණය අතරතුර හුස්ම ගන්නවා දැක්කා " අතුරුගිරියේ කාන්තාවක් හාස්කමකින් දිවි බේරා ගත් කතාව [ඡායාරූප සහිතයි]
"මරණ පරීක්ෂණය අතරතුර හුස්ම ගන්නවා දැක්කා " අතුරුගිරියේ කාන්තාවක් හාස්කමකින් දිවි බේරා ගත් කතාව [ඡායාරූප සහිතයි]
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment