පිලියන්දල - මොරටුව පාරේ පිහිටි රාජ්‍ය බැංකුවක් ඉදිරිපිටදී පසුගියදා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ වෙඩි ප්‍රහාරය සැලසුම් කළ මහමොළකරු ඇතුළු ජාලය හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා.
මෙම වෙඩි තැබීමේ පොලිස් කොස්තාල්වරයෙකු මිය ගිය අතර කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු සිවිල් පුද්ගලයින් තිදෙනෙකු මෙන්ම පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලැබුවා. මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් තුනක් ඇතුලූ පොලිස් කණ්ඩායම් 11 ක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පුද්ගලයන් භාවිත කළ යතුරුපැදියක් ද ඊයේ මහරගම - දෙහිවල පාරේ අතහැර දමා ගොස් තිබියදී සොයාගැනුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දින තුනක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්නැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර වෙඩි තැබීමෙන් මියගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කොස්තාපල් චමින්ද අබේවික්‍රම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා මාරවිල දී සිදුකිරීමට නියමිතයි. අදාල නිලධාරියා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සිටි දක්ෂතම නිලධාරියෙක් වන අතර වසර 15 ක සේවා කාලය තුළ ඔහු 112 වතාවක් ප්‍රශංසාවට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර මියගිය චමින්ද අබේවික්‍රම මහතා පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමටද පොලිස්පතිවරයා කටයුතු කර තිබෙනවා.
Thursday, May 11, 2017
පිළියන්දල වෙඩි තැබීමේ මහමොළකරු හඳුනාගැනේ
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment