වතුකරයේ පාසැල් සදහා උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂයන් දෙමළ භාෂාවෙන් ඉගැන්වීම සදහා තමිල්නාඩුවෙන් ගුරුවරු ගෙන්වා ගැනීමට මෙරට ඉන්දියානු මහ කොමසාරිස්කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී .රාධා ක්‍රිෂ්ණන් කියා සිටියේ ,මේ සදහා ගුරුවරුන් අවශ්‍ය බවට ඉල්ලීම් කලද මේ සදහා මෙතෙක් පිළිතුරක් ලැබී නොමැති බවයි.විශ්‍රාම ගිය ගුරුවරුන් යළි බදවා ගන්නා ලෙසට ඉල්ලීම් කලද ඒ සදහා මෙතෙක් පිළිතුරක් ලැබී නොමැති බවත් ඒ නිසා වහාම තමිල්නාඩුවෙන් ගුරුවරු ලබා දෙන ලෙසට ඉන්දියාවෙන් ඉල්ලීමක් කල බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
83/84 කලබල වලදී ලංකාවෙන් පිටව ගිය පිරිස් තමිල්නාඩුවේ සිටින බවත් ඒ පිරිස් යළි ගෙන්වා ගැනීම සදහා මේ ඉල්ලීම කල බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.එසේ සිදු කිරීමට විරුද්ධ නම් වහාම මේ සදහා සුදුසුකම් ලත් පිරිස සිටිනවා නම් ඉල්ලුම් කරන ලෙසටද ඔහු ඉල්ලීමක් කරනවා.
වතුකරයේ පාසැල් සදහා උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂයන් දෙමළ භාෂාවෙන් ඉගැන්වීම සදහා තමිල්නාඩුවෙන් ගුරුවරු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මෙරට ගුරු -විදුහල්පති වෘත්තිය සමිති වලින් එල්ල වන්නේ දැඩි විරෝධයක්. ඔවුන් පෙන්වා දෙන්නේ මේ සදහා සුදුසුකම්ලත් පිරිස් ඕනෑ තරම් රට තුළ සිටින බවයි.
Thursday, May 11, 2017
විද්‍යා සහ ගණිත විෂයන් ඉගැන්වීමට … තමිල්නාඩුවෙන් ගුරුවරු ගෙන්වන්න සූදානම්
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment