හෙට දිනයේ සිට උතුර හා නැගෙනහිර පළාත් තුල ජන සංහාර සතියක් ප්‍රකාශයට පත් කරන බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජලිංගම් පවසයි.වෙල්ල මුල්ලවෛක්කාල් ඝාතනයන් සිහිපත් කරමින් මෙම සමරුව පවත්වන්නේ උතුරු මහ ඇමති සී.වී. විගනේෂ්වරන් ගේ ප්‍රධානත්වයෙන් බව ඊයේ (09) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් සිවාජලිංගම් කියා සිටියා.
“වෙල්ලිමුල්ලි වෛක්කාල් අවසාන දිනයේ මේ 18 දෙමළ ජනතාවගේ ජන සංහාර දිනය සමරන්න බලාපොරොත්තු වෙනවා. ඒක සමරනකොට අවුරුදු දෙකක් ඉස්සරා ඉදලා අපි ජන සංහාර සතිය කියලා අපි විග්නේෂ්වරන් මහා ඇමතිවරයාගේ නායකත්වයෙන් සමරන්න බලාපොරොත්තු වෙනවා.මැයි 18 අපි ඒක සමරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වෙලාවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා මුලතිව් කච්චේරියකට එනවා කියලා තියනවා.කරුණාකරලා ඒ දිනයේ එන්න එපා.අපේ ඉලිලීම නොසලකා ඔබතුමා එනවා නම් , අපි එදාට කළු කොඩි ඔසවලා ,කච්චේරිය වට කරලා උද්ඝෝෂණ කරලා එතන අපි පහන පත්තු කරලා විරෝධය දක්වනවා.අපේ දේවල් අහන්නේ නැතුව ආවොත් ඔබතුමා යුධ අපරාධ කාරයෙක් කියලා අපි ලෝකයටම කියන්න කටයුතු කරනවා. “
Thursday, May 11, 2017
Home
දේශපාලන පුවත්
18 ජනපතිට උතුර තහනම් …ආවොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා …උතුර -නැගෙනහිර ජන සංහාර සතියක් !
18 ජනපතිට උතුර තහනම් …ආවොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා …උතුර -නැගෙනහිර ජන සංහාර සතියක් !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment