ජාත්‍යන්තර වෙසක් සමුළුව මෙරට පැවැත්වීමට ආණ්ඩුවට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි පවසයි.ඊයේ (09) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා. මහා සංඝරත්නය සිර ගත කරමින් නඩු වලට පටලවා කටයුතු කරමින් සිටින වත්මන් ආණ්ඩුව මේ සැලසුම් සහගතව සිදු කරමින් පවතින්නේ බුද්ධ ශාසනය විනාශ කිරීමේ වැඩපිළිවෙලක බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ අක්මීමන දයාරතන හිමි ,
“බලයට පත් වුණාට පස්සේ මේ ආණ්ඩුව කලේ බුද්ධ ශාසනය විනාශ කරන වැඩපිළිවෙලක්.භික්ෂූන් වහන්සේලා අරගෙන ගිහින් සිරගත කළා.අපිට විරුද්ධව නඩු දාලා අපේ ඇග බැදලා තිබුණා.භික්ෂූන් වහන්සේලා හරි කලකිරීමෙන් ඉන්නේ.උන්වහන්සේලා කිහිප නමක්ම දැන් සිවුරු හැරලා ගිහිල්ලා තියනවා.
කූරගල ,දෙවනගල ,මුහුදු මහා විහාරය ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන 66 ක් මේ වෙනකොට අන්‍යාගමිකයන් බලහත්කාරයෙන් විනාශ කරලා තියෙනවා.හැබැයි පුරා විද්‍යාව නිහඩයි.ඉතින් මෙහෙම ඇස් දෙක පියාගෙන කන් ඇහෙන් නෑ වගේ ඉන්න ආණ්ඩුවකට සාදාචාරාත්ම අයිතියක් නෑ මේ ආණ්ඩුවට ජාත්‍යන්තර වෙසක් දිනය මේ රටේ පවත්වන්න.මේ ආණ්ඩුවට වගකීමක් තියනවා නිතීයකට අනුව ඔළු බක්කන් නැටවීම ,වෙස් මුණු දාගෙන යෑම ,විකෘත්ති මානසිකත්වයෙන් කටයුතු කිරීම ඒ සියල්ල නතර කිරීමේ කටයුත්ත රජය වගකීමෙන් කරන්න ඕන.නමුත් එහෙම දේවල් මේ ආණ්ඩුව කරන්නේ නෑ. “
මේ ප්රවෘත්ති සාකච්ඡාව සදහා එක්වූ දේශ හිතෛෂි භික්ෂු පෙරමුණේ නායක ,බෙංගමුවේ නාලක හිමි ,
“යම්තාක් දුරකට ඉතුරුවී තිබෙන බුද්ධ ශාසනය යම් තාක් දුරකට බෙලහීන කිරීමට තමා මේ එක්සත් ජාතීන්ගේ උත්සවය මේ රටේ පැවැත්වීමට කටයුතු යොදලා තියෙන්නේ.අපේ මෝඩයන්ට මේක තේරෙන්නේ නෑ.උන්ගේ පදයට නටන අපේ ආණ්ඩු මහ ලොකුවට ඉහළට අරගෙන පවත්වන්න හදලා තියෙනවා.ජාත්‍යන්තර වෙසක් දිනයත් බෞද්ධයන්ගේ ඇස් වලට වැලි ගහලා ආණ්ඩුවේ බලය තහවුරු කර ගන්න උපක්‍රමයක් පමණයි. “
Thursday, May 11, 2017
Home
අනාවරණ
කූරගල ,දෙවනගල ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන 66 ක් … අන්‍යාගමිකයන් බලහත්කාරයෙන් විනාශ කරති … වෙසක් මහා සමුළුවට මුවාවී බුදු සසුන වැනසීමේ සැලසුමක් !
කූරගල ,දෙවනගල ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන 66 ක් … අන්‍යාගමිකයන් බලහත්කාරයෙන් විනාශ කරති … වෙසක් මහා සමුළුවට මුවාවී බුදු සසුන වැනසීමේ සැලසුමක් !
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment