'කප්පම් සයිබර් ප්‍රහාරයක්' - ඇතැම් පරිගණක පද්ධති බිඳ වැටෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 13, 2017

'කප්පම් සයිබර් ප්‍රහාරයක්' - ඇතැම් පරිගණක පද්ධති බිඳ වැටෙයි

ප්‍රබල සයිබර් ප්‍රහාරයක් බවට විශ්වාස කෙරෙන සිදුවීමකින් ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටී තිබේ. ඇමෙරිකානු ඩොලර් 300 ක් කප්පම් ඉල්ලා සිටින පරිගණක මෘදුකාංගයක් මගින් ලොව පුරා ස්ථාන දහස් ගණනක පරිගණක අගුලු වැටී තිබේ.

බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, චීනය, රුසියාව, ස්පාඤ්ඤය, ඉතාලිය සහ තායිවානය ඇතුළු රටවල් 74 කට ආසන්න ප්‍රමාණයක පරිගණය පද්ධතිවලට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවට වාර්තා වේ. මෙය එකිනෙකට සම්බන්ධ සිදුවීමක් බව පරිගණක ආරක්ෂාව පිළිබඳ විශේෂඥයන්ගේ මතයයි. 'කප්පම් සයිබර් ප්‍රහාරයට' ලක් වූ සංවිධාන ප්‍රමාණය ඉහල යමින් තිබෙන බව තවත් විශේෂඥයෙක් පැවසීය.

සයිබර් ප්‍රහාරය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවා ආයතනවල ඇතැම් පරිගණක පද්ධති සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බවත් සෞඛ්‍ය සේවා බලධාරීහු පවසති. මේ තත්වය මත හදිසි ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් වෙනත් රෝහල් වෙත හරවා යැවීමට සිදු වී තිබේ.
ස්පාඤ්ඤයේද ආයතන ගණනාවක් සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇති බව වාර්තා වේ. 

වහාම සිය පරිගණක වසා දමන මෙන් ඇතැම් සමාගම් සිය සේවකයන්ට උපදෙස් දී ඇති අතර, 'කප්පම් සයිබර් ප්‍රහාරය' මගින් සිය පරිගණක එක්වරම අගුලු දමා ඇති ආකාරය දැක්වෙන ඡායාරූප ඉතාලියේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විසින් සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කර තිබුණි. එය ඉතා ශීඝ්‍රයෙන් යුරෝපය පුරා ආයතනවලට පැතිරෙමින් පවතින බවත් පරිගණක ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෝ පවසති.

No comments:

Post a Comment

Post Bottom Ad