‘ද්විත්ව පුරවැසිභාවය ඇති අයට රජයේ උසස් තනතුරු එපා‘ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 13, 2017

‘ද්විත්ව පුරවැසිභාවය ඇති අයට රජයේ උසස් තනතුරු එපා‘

‘ද්විත්ව පුරවැසිභාවය ඇති අයට රජයේ උසස් තනතුරු එපා‘
රට වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා රාජ්‍ය නිලධාරින් පත් කරන විටදී ද ද්විත්ව පුරවැසි භාවය ඇති අය පත් නොකිරීමට වග බලා ගන්නැයි පැෆරල් සංවිධානය බලධාරින්ගෙන් ඉල්ලීමක් කරයි.

එසේ ද්විත්ව පුරවැසි භාවය ඇති පුද්ගලයින් ප‍්‍රබල තනතුරුවලට පත් කිරීම වැළකෙන පරිදි නීති සකස් කරන්නැයි ප‍්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටින  බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. විශේෂයෙන් රට වෙනුවෙන් තවත් රටවල් සමඟ ගිවිසුම් අස්සන් කරන්නට ඉඩකඩ ඇති තනතුරුවලට ද්විත්ව පුරවැසිභාවය ඇති තැනැත්තන් පත් කිරීමෙන් වළකින ලෙස බලධාරින්ගෙන ඉල්ලා සිටින බව ද හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින්ට ද්විත්ව පුරවැසි භාවය තිබීමෙන් විශාල හානියක් විය  හැකි යැයි ද යම් අවස්ථාවක දෙරටක් අතර ගිවිසුමක් අස්සන් කරද්දී අදාල නිලධාරියා ගේ පුරවැසභාවය ඇති අනෙක් රට සමග අදාල ගිවිසුම අස්සන් කරන්නට වුවහොත් එවැනි අවස්ථාවක දී හෙතෙම බලපෑම්වලට යටත් වන්නට ඇති ඉඩකඩ වැඩි යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

පසුගිය සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් හිටපු මහ බැංකු අධිපතිවරයාගේ සිද්ධියේ දී ඔහු ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු වීම ද විශාල ප‍්‍රශ්නයක් වූ බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad