තායිලන්තයෙන් ෆේස්බුක් එකට අනතුරු අඟවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 12, 2017

තායිලන්තයෙන් ෆේස්බුක් එකට අනතුරු අඟවයි

තායිලන්ත රාජකීයයන්ට අපහාසාත්මක ෆේස්බුක් වෙබ් පිටු 130 ක් වහා ඉවත් කරන ලෙස තායි රජය ෆේස්බුක් සමාගම වෙත දැනුම්දී තිබෙනවා.

එසේ නොමැතිනම් නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි හමුදාවේ සහය ලබන තායි රජය ප්‍රකාශ කළේ.  මෙම වෙබ් පිටු ඉවත් කර ගැනීමට ලබන අගහරුවාදා දක්වා කාලය ලබාදෙන බව ද තායිලන්තය ප්‍රකාශකර තිබෙනවා.

කෙසේ නමුත්, රාජ්‍යයන් වෙතින් සිදුකෙරෙන ඉල්ලීම් පිළිපැදීමට සූදානම් නොමැති බවත්, යම් රටක් තුල නීතිය උල්ලංඝනය කර ඇත්නම්, ඊට මුහුණදීමට සූදානම් බවත්, ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කළා. තායිලන්තයේ වර්තමාන නීතියට අනුව රජ පවුලට අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම වසර 15 දක්වා සිරදඩුවම් ලැබිය හැකි වරදක්.

No comments:

Post a Comment

Post Bottom Ad