ජනපති හා අගමැති කාර්යාලවලට යැයි පවසා දිඹුලාගල සිදු කරන මහා තිරුවානා ජාවාරම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 16, 2017

ජනපති හා අගමැති කාර්යාලවලට යැයි පවසා දිඹුලාගල සිදු කරන මහා තිරුවානා ජාවාරම

ජනපති හා අගමැති කාර්යාලවලට යැයි පවසා දිඹුලාගල වෙහෙරගල පිහිටි එකම දුර්ලභ හා ස්වභාවික සුදු තිරුවානා ගල් නිධිය කිසියම් සංවිධානාත්ම පිරිසක් යන්ත්‍ර සුත්‍ර භාවිතයෙන් එම ගල් කුඩා කැබලිවලට කොටස් කර විදෙස් රටවලට අපනයන කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බව ප්‍රදේශයේ මහවැලි ගොවීහු පවසති.

වෙහෙරගල කැකුළුවෙල අංක 33 ලිපිනයේ පදිංචි 68 වියැති සිව් දරු පියෙකු වන ඩි.එම් කරුණාරත්න මහතාගේ කුඹුරටද හානි සිදුවන අයුරින් ඒ අසල පිහිටි මෙම සුදු තිරුවානා නිධිය 2017.01.28 දින සිට ජාවාරම් කරුවන් විසින් පැල් බැඳගෙන දිවා රාත්‍රී තිරුවානා ගල් කන්ද ඉවත් කිරීමට විශාල මෙහෙයක් දරන බවද එමගින් විශාල පරිසර හානියක්ද සිදුකර ඇති බවයි ගම්වාසීහු පේනවා දෙන්නේ.

කිසිඳු අවසරයකින් තොරව තම කුඹුරු ඉඩමෙන්ද කොටසක් අල්ලාගෙන සිදු කරන මෙම ජාවාරම පිළිබඳව අදාල සියලු බලධාරීන්ට ලිඛිතව දන්වා ඇතත් ඊට මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බව ඩි.එම් කරුණාරත්න ගොවි මහතා පැවසීය. මෙම තත්ත්වය මත තමන් වසර 27 ක් අස්වද්දවා කරගෙන ගිය වී ගොවිතැන අහිමි වීමේ බරපතල අවධානමක් ඇති බවද ජනපති හා අගමැතිතුමාගේ රූප ඇතුළත් විශාල කටවුට් පවා ඔවුන් නවාතැන් ගෙන සිටින පැල්පතේ වහලයට දමා ඇති බවද කරුණාරත්න මහතා ඇතුළු ගොවින් පෙන්වා දෙති.

තම කුඹුරේ ලියද්දක විශාල ලිඳක් හාරා දෝනාවක් අයුරින් එම ලිඳ සකසා ඇති බවත් මෙම සුදු තිරුවානා ගල් කන්ද ඉවත් කිරීමේ ජාවාරම නැවත්වීමට කටයුතු නොකළහොත් ගම්මුන් සමඟ දැඩි විරෝධතාවක් සිදුකර උපවාසයක් ආරම්භ කරන බව කරුණාරත්න මහතා සඳහන් කරයි. අප මේ පිළිබඳව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් එස්. ජලදීපන් මහත්මියගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී පැවසුවේ එම කැනීමේ කටයුතු කිරීමට පරිසර බලපත්‍රයට තමන්ගෙන් අවසරය ගෙන නොමැති බවත් මහජන විරෝධතා මැද එය විසඳුමකට එන තෙක් තිරුවානා ඉවත් කිරීම නතර කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විටද යන්ත්‍ර සුත්‍ර භාවිතයෙන් තිරුවානා ගල් කන්ද විනාශ කරමින් පවතී. මහවැලි සී කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර කේ.ඒ.සි විමල් කුමාර මහතාගෙන් අප මේ පිළිබඳව කළ විමසීමකදී පැවසුවේ ඊට අවසරය ලබාදී ඇත්තේ මහවැලි හිටපු නිලධාරීන් බවත් තමා එම විනාශය නතර කිරීමට මැදිහත් වන අතර ඒ ගැන වහාම සොයා බලන බවත්ය.












No comments:

Post a Comment

Post Bottom Ad