බංගලාදේශයට ශ්‍රී ලංකාව අභිබවා යාමේ අවස්ථාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 12, 2017

බංගලාදේශයට ශ්‍රී ලංකාව අභිබවා යාමේ අවස්ථාවක්

අයර්ලන්තයේ අද (12) ආරම්භ වන තුන්කොන් තරගාවලියේදී බංග්ලාදේශයට, ජාත්‍යන්තර එක්දින දර්ශකයේ තවදුරටත් ඉදිරියට යාමේ අවස්ථාවක් උදා වනවා. තරගාවලිය පැවැත්වෙන්නේ බංග්ලාදේශය, අයර්ලන්තය සහ නවසීලන්තය අතරයි. බංග්ලාදේශය දැනට අයි.සී.සී.එක් දින දර්ශකයේ 7 වන ස්ථානය හිමිකරගෙන සිටින අතර, ශ්‍රී ලංකාවට 6 වන ස්ථානය හිමිවී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර, ප්‍රසාද ලකුණු පරතරය 2 ක් පමණයි. මේ අනුව, අයර්ලන්ත තුන්කොන් තරගාවලියේදී අයර්ලන්තය දෙවරක් සහ නවසීලන්තය එක්වරක් පරාජය කළහොත් බංග්ලාදේශයට, ශ්‍ර‍්‍රී ලංකාව අභිබවා දර්ශකයේ 6 වන ස්ථානය හිමිකර ගැනීමට හැකිවනු ඇති. අයර්ලන්තය සහ බංග්ලාදේශය අතර, පළමු එක්දින තරගය ඩබ්ලින් නුවරදී අද පැවැත්වීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad