රිවිර මාධ්‍යවේදීන්ට වැටුප් වෙනුවට බනිස්!!! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

රිවිර මාධ්‍යවේදීන්ට වැටුප් වෙනුවට බනිස්!!!

රිවිර පුවත්පතේ මාධ්‍යවේදීන් හට අප්‍රේල් මාසයේ වැටුප තවම පාලන අධිකාරිය මගින් ලබාදී නොමැති බව සඳහන් වේ. මේ නිසා සේවයේ නියුතු මාධ්‍යවේදීන් දැඩි අපහසුතාවයකට පත් වී ඇති අතර මේ පිළිබඳව පාලන අධිකාරියෙන් විමසුවත් ඔවුන් පවසා ඇත්තේ අද හෙට ලබාදෙන බවය.කෙසේ වෙතත් මේ තත්වය නිසා ඇතැම් පිරිස් රැකියාවට නොපැමිණ නිවෙස් වලට වී සිටීමටත් කටයුතු කර ඇති බව දැනගන්නට ඇත.

නිලංක රාජපක්ෂ මෙහි හිමිකරු වන අතර ඔහු අදටත් මේ පිළිබඳව වචනයක් කර්තෘවරු සමඟ පවසා නැත.කෙසේ වෙතත් දැනට ඇති වී ඇති තත්වය නිසා ඇතැම් පිරිඅ වෙනත් ආයතන වෙත එක්වෙමින් සිටිබ බවද සඳහන් වේ. කලක් ගයිරුක පේරුසිංහ සහ ප්‍රධාන කර්තෘ සිසිර පරණතන්ත්‍රී එක්ව ලංකාවේ දෙවැනියට විකුණෙන පත්තරය බවට පත්කළ රිවිර පුවත්පත මේ වන විට දැවැන්ත කඩා වැටීමකට ලක්වී ඇත.එයට හේතුව පාලන අධිකාරියේ මුග්ධ තීන්දු තීරණ බව සේවකයෝ පවසති.

කෙසේ වෙතත් මේ තත්වය හමුවේ රිවිර පුවත්පතේ අනාගතය සම්බන්ධයෙන් සේවකයන් සිටින්නේ දෙගිඩියාවකින් බවද සඳහන් වේ. කෙසේ වෙතත් වැටුම් නොදුන්නත් උදේ හවස තේ සඳහ බනිස් ලබාදෙන බවද සඳහන් වේ.එයද පාලන අධිකාරියේ තවත් ගසාකෑමේ වැඩපිළිවෙලක් බව සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad