saitm අපට මෙහෙම කරනවට ජනපතිට බෝධිපූජා තියපු මේ අත්දෙක කපාගන්නවා – ගැමුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 2, 2017

saitm අපට මෙහෙම කරනවට ජනපතිට බෝධිපූජා තියපු මේ අත්දෙක කපාගන්නවා – ගැමුණු

සයිටම් දෙමාපිය සංගමය මගින් ඊයේ (01 දා) කොළඹ සී. එස්‌. ආර්. ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී එහි සභාපති (පුද්ගලික බස් සංගමයේද සභාපති) ගැමුණු විජේරත්න මෙසේ කියා ඇත.

සයිටම් අර්බුදය පිළිබඳ සාකච්ඡා මේසයෙන් ජනාධිපතිවරයා විසින් අපව ප්‍රතික්‍ෂේප කර තිබුණා. ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් බෝධිපූජා තියපු මේ අත්දෙක මට දැන් කපාගන්න හිතෙනවා. මේ අර්බුදය නිසා අපේ දරුවන්ගේ අනාගතය දැඩි අනාරක්‌ෂිත තත්ත්වයකට පත්වෙලා.

අපේ දරුවන් ආරක්‌ෂා කිරීම සහ ඔවුන්ගේ අධ්‍යාපනය ආරක්‌ෂා කිරීම සහ මේ අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක්‌ ඉල්ලා තිබුණා. පසුගිය 20 වැනිදා සාකච්ඡාවකට සහභාගි වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අපට දැනුම් දුන්නා. පසුව අපට දැනුම් දුන්නෙ මෙම සාකච්ඡාවට දෙමාපියන් සම්බන්ධ නොවන බවත්
පාලන අධිකාරිය සමඟ පමණක්‌ ජනාධිපතිවරයා සාකච්ඡා කරන බවත්ය.
ජනවාරි 15 වැනිදා ජයග්‍රහණය වෙනුවෙන් මූලිකත්වය ලබාදුන් කෙනෙක්‌ මම. ජනාධිපතිතුමා ජයග්‍රහණය කරන්න මේ අත්දෙකෙන් බෝධි පූජා සිය ගණනක්‌ තිබ්බා. එහෙම බෝධිපූජා තියපු මේ අත්දෙක මට කපාගන්න ඕන කියල හිතුණා. ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ ඒ සාකච්ඡාවට පාලන අධිකාරිය සමඟ දෙමාපියන් කිහිප දෙනෙකුත් සහභාගි වෙලා තියෙනවා. කැලේ ගහක්‌ නහන්න කැලේ ගහක්‌ තියෙන්න ඕන වගේ සයිටම් දරුවන්ගේ දෙමාපියන් පිරිසක්‌ අපිව දෙමාපිය සංගමයෙන් නෙරපා වෙනත් දෙමාපිය සංගම් පිහිටුවාගත්තා. රටේ ලොකු ලොකු තානාන්තර දරන, ඩොක්‌ටස්‌ලා, ඉංජිනේරුවන්, සමහර ලොක්‌කො වෙනම සංගම් හදාගෙන.
අපට මේ අර්බුදයෙන් බලාපොරොත්තු වූ ඉලක්‌කයන් සපුරාගන්න බැරිවෙනවා. මේ තත්ත්වය යටතේ මින් පසු අපව සාකච්ඡා මේසයට සම්බන්ධ කරගන්න එකක්‌ නෑ.

No comments:

Post a Comment

Post Bottom Ad